පදික වේදිකාව සියලුම ආකාරයෙන් අවහිර කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
පදික වේදිකාවේ වාහන පැදවීම, වාහන නැවැත්වීම, භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා විශේෂිත සේවා වාහන නැවැත්වීම සහ භාණ්ඩ පැටවීම හෝ බෑම මගින් පදික වේදිකාවට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පති ඩී.සී වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානවලට නියෝග කර ඇත.
ඒ අනුව පළමු සති දෙක තුළ නීතිය කඩ කරන රියදුරන්ට අවවාද කර එතැන් සිට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
නීතිය කඩ කරන රියදුරන්ට එරෙහිව මෝටර් රථ ප්‍රවාහන පනත, ජාතික මහාමාර්ග පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ පියවර ගැනේ.









