පොලිසීයේ දූෂණ අපරාධ සහ අනීතික කටයුතු සහ පාතාලයේ හැසිරීම් හෙළි කරමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන හිටපු පොලිස් නිලධාරියෙක් වූ විමල් ජයසේකරගේ නිවසට මිට ස්වල්ප වෙලාවකට පෙර නාඳුනන තුවක්කු කරුවෙක් වෙඩි තබා තිබේ.
වෙඩි පහරින් කිසිවෙකුටත් හානි සිදුවී නැතත් නිවසට හානි සිදු වී ඇති බව වාර්තා වේ.
මේ වනවිට සිද්ධිය සම්බන්ධ විමර්ශන කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත යවා ඇතැයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
දිනපතා වෙඩි තැබීම් වාර්තා වන පසුබිමක අද පොලිස්පතිවරයා පැවසුවේ මේ පාතාලයේ අවසාන කාල වකවානුව බවත්, පහනක් නිවෙන්නට යනවිට දීප්තිමත්ව දැල්වෙන ස්වරූපය මේ වනවිට පෙනෙන්නට ඇති බවත්ය.