පුද්ගලයෙකුට වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදි කරුවෙක් වී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස Human Right Activists සංවිධානය අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙය තමන් විසින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සිදුකරන නීතිමය ක්‍රියාවලියේ මුල් අවස්ථාව පමණක් බව මාධ්‍යයට කී එම සංවිධානයේ ක්රියාධයන් පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධව අඛණ්ඩ අධිකරණ ක්‍රියාවලියක් දියත් කරන බවය.
අංක 137/2, බෙල්ලත්තවිල, කිඳෙන්පිටිය, මයිල්ලෑව ලිපිනයේ පදිංචි වෙහෙරගෙදර රංජිත් සුමංගල විසින් ගොනුකළ අංක SCIFR) 107/2011 දරන මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නඩුවේ තීන්දුව 2023 දෙසැම්බර් 14 වන දින, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ බව සිහි කරන එම සංවිධානය එම තීන්දුව ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙහෙරගෙදර රංජිත් සුමංගලට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙක් වී ඇති බව පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ දී අරගලයේ මව්වරු සංවිධානය වෙනුවෙන් මාධ්‍යයට අදහස් දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා අපරාධයකට වරදකරුවෙක් වූ පුද්ගලයෙක් දඬුවම් නොලබා පොලිස්පති පුටුවේ වාඩිකිරීමෙන් හදන්නට උත්සාහ කරන රට කුමක් දැයි රජයෙන් ප්‍රශ්න කළාය.
ආචාර්ය අජන්තා පෙරේරා මාධ්‍යයට කළ ප්‍රකාශය පහත දැක්වේ.