සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණය හමුවේ විශේෂ රහස්‍ය ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබේ.
අද මාලිගාකන්ද අධිකරණයේ දී මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සිය නීතිඥයන් මාර්ගයෙන් අතිරේක ලේකම්වරයා මෙම ඉල්ලිම සිදුකර තිබිණි.
එම ඉලීල්මට අවසර දෙමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ලබන සඳුදා (04) අධිකරණය හමුවේ පෙනී සිටිමින් එම රහස්‍ය ප්‍රකාශය කිරීම සඳහා අතිරේක ලේකම්වරයාට නියෝග කළාය.
ඒ අනුව සැකකරු මාර්තු 4 දක්වා බන්ධනාගාරගත කිරීමට දින නියම විය.
අද නඩුව කැඳවූ අවස්ථාවේ දී රජයේ ජ්‍යෙෂ්ට සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට පැවසුවේ නඩුවේ 10 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ශ්‍රී ලංකා ජන රජයේ මුදල් මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.
මෙම සැකකරු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන කටයුතු සිදුවන ආකාරය නිවැරදි අවබෝධයක් තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අවභාවිතා කරමින් ප්‍රශ්නගත ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කළ ආකාරය විමර්ශනවලින් අනාවරණය වූ බව ජ්‍යේෂඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළාය.
එහිදි ඇය අවධාරණය කර සිටියේ 10වන සැකකරු නොතිබූ හදිස්සියක් මවා පාමින් ඖෂධ 285ක් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු කර ඇත්තේම රටේ ජනාතවගේ මුදල් රුපියල් බිලියන 2ක් චේතනාන්විතව සාපරාධී සාවද්‍ය පරිහරණයට යොදා ගැනීමට යැයි පැහැදිලි වී අවසන් බවය.
රක්ෂිත බන්ධනාගාරගත කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් රත්නායක අද පස්වරුවේ මහර බන්ධනාගාරයට රැගෙන විත් තිබිණි.