-
අප නීති විරෝධී සුළුතරයේ ආත්මාර්ථකාමී කටයුතු වලින් බහු ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල් වීම වැළක්වීම සඳහායි. බ්‍රිතාන්‍ය පෙන්වා දෙන දියුණු ශිෂ්ටසම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට අපද කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැත – පොලිස් ඇමති ටිරාන් අලස්
ආත්මාර්ථකාමී සුළුතරයක් විසින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල්වන ආකාරයට සිදු කරන නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීමට බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් පොලිසියට අලුත් බලතල ලබා දී ඇති බවත් තමන්ද මේ ශිෂ්ඨ සම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට කිසිදු විටෙක කටයුතු නොකරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ඒ අනුව ඔහු තවදුරටත් පවසන්නේ මෙම නීති විරෝධී ක්‍රියාවලින් බහු ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල් වීම වැලැක්වීම සඳහා කටයුතු කරන බවය.
අමාත්‍යවරයා ට්විටර් පනිවිඩයක් මඟින් අවධානයට ලක් කර ඇත්තේ බී.බීසී පුවත් සේවය බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් උපුටා දක්වමින් කළ ප්‍රකාශයකි. ඒ අනුව අමාත්‍ය ටිරාන් අලස් සිය දීර්ඝ ට්විටර් පනිවිඩයේ මෙසේ සටහන් කර තිබේ.
“මා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, උද්ඝෝෂණ කිරීම සඳහා ක්‍රමයක් නීතියක් සහ පිළිවෙළක් ඇති බවයි. එසේම බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කර ඇත්තේ
“ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල් කරන ආකාරයට සිදුකරන නීති විරෝධී උද්ඝෝෂණ කිසිසේත් අනුමත නොකරන බවත් නීති විරෝධී කටයුතු කරන උදවිය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවයි. “
තවද නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිසියට අලුත් බලතල ලබාදී ඇති බවය. ඒ දියුණු ශිෂ්ටසම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට අපද කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැත. “
“නීත්‍යනුකුල ලෙස සිදුකරන කිසිදු විරෝධතාවක් මැඩලීම අප ප්‍රතිපත්තිය නොවේ. අප කටයුතු කරන්නේ නීති විරෝධී සුළුතරයේ ආත්මාර්ථකාමී කටයුතු වලින් බහු ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල් වීම වැළක්වීම සඳහාය“ යනුවෙනි.“
I recently stated in @ParliamentLK that there is a way, a law and a system for protesting. The BBC quoting #British Prime Minister @RishiSunak reported, “It is ‘completely unacceptable’ that people were having their lives disrupted by a ‘selfish minority’ who join illegal (1/10)
— Tiran Alles (@TiranAlles) December 2, 2022







