පොලිස් ඇඳිරි නීතිය දමා හෙට කොළඹ දී පැවැත්වීමට නියමිත විරෝධතාවය මැඩ පැවැත්වීමට ක්‍රියා කරන්නේ ඉතිහාසයේ වැඩිම පොලිස් බලඇණියක් කොළඹට ගෙන්වා ආරක්ෂාව ලබාගැනීමට ගත් සැලසුමෙන් පසුව වීම දේශපාලන අංශවල විශේෂ අවධානයට ලක් වී තිබේ.
කොළඹ ට යෙදවිය හැකි පොලිස් බලය වූ 5000ක පිරිසට අමතරව තවත් පොලිස් නිලධාරීන් 3000ක් පිට පළාත්වලින් ගෙන්වීමට කටයුතු කර තිබිණි.
ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු පනවන්නේ මීට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ භට පිරිස් සමග සමස්ථය 15000කට වැඩි ආරක්ෂක භට පිරිසක් කොළඹට කැඳවා තිබියදී ය.
මෙසේ තිබිය දී විරෝධතාවය දියත් වන කේන්ද්‍රස්ථානය ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 06ක සමස්ථ පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි ඇඳරි නීතිය පනවා තිබිණි.