පොලිසිය විසින් කොළඹට සහ කොළඹට ආසන්න ප්‍රදේශවලට පනවා ඇති බව කියන පොලිස් ඇඳිරි නීතිය නීතිය කිසිදු තැනක සඳහන් නොවන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් පවසයි.
හෙට යෙදෙන මහජන විරෝධතා නියාමනය කිරීමේ පියවරක් ලෙස පොලිසිය විසින් අද (08) සවස මෙම ඇඳිරී නීති තත්වය පිළිබඳව ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් මන්ත්‍රිවරයා මෙලෙස කරුණු දක්වා තිබුණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ සුමන්තිරන් සඳහන් කරන්නේ පොලිස් ආඥා පනත යටතේ හෝ මහජන ආරක්ෂණ පනත යටතේ හෝ වෙන කිසිම නීතියක් යටතේවත් පොලිස් ඇඳිරි නීතිය යනුවෙන් නීතියක් නොපවතින බවයි.
“ඒ නිසා මේ ප්‍රකාශනයේ වලංගුතාවයක් නැත. මේක ආණ්ඩුව කරන්නේ හෙට දවසේ ජනතාව මේ අරගලයට එන එක වලක්වාගන්න මේ නිති විරෝධී ක්‍රියාව කරන්නේ. ඒ නිසා හැමෝම දැනගත යුතුයි පොලිස් ඇඳිරි නීතිය කියලා කිසිවක් නැහැ.”ඔහු තවදුරටත් සඳහන් කරයි.
ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මේ පිළිබඳව කරන පැහැදිලි කිරීම පහත දැක්වේ.







