පොලිස් පරීක්ෂකවරයකුගේ නිල නොවන ආරක්ෂාව මැද වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ හෝටලයක සාදයකට ගිය පාතාල නායකයකු වන හීනටියන පොඩි කුමාර නැමැත්තා ඇතුළු තිදෙනකු විසින් සිදු කරන ලද පහර දීමකින් එම ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු බරපතල තුවාල සහිත රෝහල්ගත කොට තිබේ.
වාර්තා වන පරිදි මෙම මැරයන් බිඳුණු මත් පැන් බෝතලයකින් මෙම තරුණයාගේ ඉණ ප්‍රදේශයට ඇනීම හේතුවෙන් බරපතල ගුවාල සිදුව තිබේ.
පසුගිය සඳුදා (12) අලුයම් කාලයේදී මෙම ආරවුල සිදුව ඇත්තේ නයිනමඩම මූන් ලයිට් ඔරිල්ලා නම් හෝටලයේ දීය.
එම හෝටලය සඳහා අදාළ පාතාල සාමාජිකයා සහ ඔහු ගේ ගෝලයකු සමඟ බස්නාහිර උතුර අපරාධ කොට්ටඨාසයට අනුයුක්ත ව රාජකාරී කරන පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර නැමත්තාද ගොස් ඇති බව සඳහන් වේ.
මෙම පොලිස් නිලධාරියා අදාළ පාතාල සාමාජිකයා සමඟ නිතර ඇසුරු කරන අතර ඔහු ගේ නිල නොවන ආරක්ෂකයා ලෙසද කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි පැවැති සාදයකදී ඇති වූ සුලු සිදුවීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇතිව තිබෙන අතර එහිදී ප්‍රදෙශයේ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වන 23 හැවිරිදි ක්‍රිෂෙන් ප්‍රනාන්දු නම් තරුණයා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
ඔහු මේ වනවිට රෝහල්ගත කොට තිබේ.
මෙම ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුට ගෙන නැති අතර වෙන්නප්පුව පොලිසිය අදාල විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ.