පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යභාවය අහෝසි සිසුන් අතරින් තවත් 04 දෙනෙකු අද (13) උදෑසන පේරාදෙණිය පොලීසියට බාරවී ඇත.
මේ වනවිට ශිෂ්‍යයින් 10 දෙනෙක් පොලිසියට භාර වී ඇති බවත් තවත් ශිෂ්‍යයින් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සිද්ධියට සම්බන්ධ තවත් පිරිස් සිටීද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උප කුලපති ටෙරන්ස් මධුජිත් පවසයි.