සූර්යා මත ශුද්ධ බලශක්ති ජනනය සිදුවන ආකාරයේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් විද්‍යාගාරයක් තුළ සාර්ථකව නිර්මාණය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.
පරිසරයට අතිශයින් හිතකර පුනර්ජනනී බලශක්තිය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් සහිතව පොසිල ඉන්ධන මත ලෝකයේ රඳා පැවතීම අවසන් කරන දැවැන්ත පියවරක් ලෙස මෙම සොයා ගැනීමත් ප්‍රකාශයට පත් වී ඇත.
කැලිෆෝනියාවේ ලෝරන්ස් ලිවර්මෝ ජාතික රසායනාගාරයේ ජාතික ජ්වලන මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් විසින් මෙම පෙරළිය සිදු කර ඇත.
විලයන ප්‍රතික්‍රියාවක් නිපදවීමට විද්‍යාඥයින් සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය තිරසාර බවට පත් කරන ශුද්ධ බලශක්ති ලාභයක් නිර්මාණය කර තිබේ.
පාලනය නොකළ න්‍යෂ්ටික විලයනය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 1952 දී හයිඩ්‍රජන් බෝම්බය සමඟිනි
එය තාප න්‍යෂ්ටික අවි හෝ විලයන ආයුධ ලෙසද හැඳින්විය. එතැන් සිට විද්‍යාඥයින් එම ශක්තිය විද්‍යාගාරයක් තුළ පාලනයකට යටත්ව තිරසාර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටියේය.
කෙසේ වෙතත් මෑත කාලීන අත්හදා බැලීමෙන් ලබා ගත් ශක්තිය ඉතා කුඩා එකක් බවත් සමහර විට වතුර කේතල 10 ක් රත් කිරීමට එය ප්රමාණවත් වන බවත් වාර්තා වේ.
මෙම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සඳහා භාවිතා කළ තාක්ෂණය වැඩි දියුණු කර වාණිජමය වශයෙන් ශඛ්‍යතාවයක් සහිත බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා එම තාක්ෂණය වසර ගණනාවක් හෝ දශක ගණනාවක් තිස්සේ සංවර්ධනය කිරීමට අවශ්‍ය වනු ඇතැයි එම වාර්තා සඳහන් කරයි.