බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිත් නොදැන කෙසෙල්වත්ත පොලිසිය නීතිඥවරුන්ට එරෙහිව ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගනී…

by editor
ජනවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

‍අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරත නීතීඥයින් පිරිසක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට ගොනුකර තිබූ බී වාර්තාව ඉල්ලා අස්කරගෙන ඇත.

එම බී වාර්තාව කෙසෙල්වත්ත පොලිසිය විසින් ඉල්ලා අස්කරගෙන ඇත්තේ අද නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී  ය.

එම වාර්තාව ඉදිරිපත් කළේ නඩු කටයුත්තක් සඳහා නොවන බවත් එය බහා තබන ලෙසත් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිඥයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස පෙනී සිටියේය.

මෙම බී වාර්තාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් පොලිසිය තුළම ඇති වී තිබිණි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියම මත කෙසෙල්වත්ත පොලිසිය විසින් මෙම බී වාර්තාව උසාවියට ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් සම්බන්ධව සිදුකරන ලදැයි කියන බලපෑමකට විරෝධතාවය දැක්වූ  අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු පිරිසකට එරෙහිවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෙම බී වාර්තාව කෙසෙල්වත්ත පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති අංශයේ දැනුම්වත්වීමකින් තොරවය.

අදාල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් වාර්තාවක් කැඳවා තිබිණි.

නීතිපතිවරයා අධිකරණයට කරන ලදැයි කියන අතපෙවීම් හෙළා දකිමින් පසුගිය ජනවාරි 18 වැනිදා අදාල උද්ඝෝෂණයට ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක, නුවන් බෝපගේ, සේනක පෙරේරා ඇතුළු නීතීඥවරුන් පිරිසක් එක් වී  සිටියහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගෙන් වැළැක්වීමට නීතිපතිවරයා ගත් උත්සාහය හෙළා දකිමින් නීතිඥවරු මෙම විරෝධතාව සංවිධානය කළහ.

මැතිවරණ නීති සහ ජාතික මංමාවත් පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් විරෝධතාවක් සංවිධානය කර ඇති බවට චෝදනා කරමින් කෙසෙල්වත්ත පොලිසිය උක්ත බී වාර්තාව ඉදිරිපත් කර තිබිණි. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදවීම ගැන කලබල වෙන්න එපා… එය මැතිවරණයට බාධාවක් නොවෙයි… කොමිසම කියයි!

Next Post

චීනයෙන් දී ඇති සහතිකය මදි… අයි.එම් එෆ් ණය අනුමැතිය තවත් කල් ඇදෙයි !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.