මාමණ්ඩියගේ විසින් සිය 28 හැවිරිදි බෑණාට පහර දී ඝාතනය කිරීමේ පුවතක් කඳාන පොලිස් වසමේ දොළහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ සැකකරු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (2) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
තම දියණියට මුදල් ඉල්ලා කරදර කළ බව පවසමින් මාමණ්ඩිය සිය බෑණාට පොල්ලකින් පහර දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
57 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







