අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේක්ෂණ පද්ධතියේ ගැටලුව විසඳෙයි… ආටිගල පවුල සිය පුද්ගලික ඉඩම වන්දියක් නොගෙන රජයට දෙයි!

by editor
අගෝස්තු 11, 2023
in පුවත්
the-electric-
Share on FacebookShare on Twitter

ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමග සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැනෙහි රත්නපුර සිරිපාගම ප්‍රදේශයේ ඉඩමක් හරහා දිවෙන කොටස පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ එම ඉඩම් හිමියන් අතර ඇති වී  තිබූ දීර්ඝ කාලීන ගැටුම නිමා කරමින්   ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ උත්පල ආටිගල ප්‍රමුඛ ආටිගල පවුලේ සාමාජිකයින්  ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට  (11) අද එකඟතාවය පළ කළේය.

රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායකවීම සඳහා අදාළ තීරණය ගත් බව ඔවුහු ප්‍රකාශ  කර තිබිණි.

සැබෑ ලෙසම මෙම ප්‍රශ්නය ඇති වී තිබුණේ යම් අසාධාරණ තීරණයක් පදනම් කරගෙන බව මෙම සමථකරණයේ දී හෙළි වූයේය.

විදුලිබල මණ්ඩලය සහ ඉඩම් හිමියන් අතර ආරවුල    පැන නැගී තිබුනේ සම්ප්‍රේක්ෂණ රැහැන්  ස්ථාපිත කරන විට ඉඩම් හිමිකරුගේ මීටර් 680ක් පමණ වූ භූමිය සඳහා   වටිනාකම තක්සේරුව පිළිබඳ කාරණාවේ දී ය.

මෙම ඉඩම් කොටසේ වන්දිය   පුද්ගලික තක්සේරුකරුවන් රුපියල් මිලියන 48කට අගයා තිබිණි.  එහෙත්  ආසියානු සංවර්ධන අරමුදලේ නිර්ණායක අනුව වන්දි තක්සේරුව රුපියල් මිලියන 9.6 ක් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගැටලුව පැන නැගුනේ  ලංකා විදුලිබල මණ්ඩලය වන්දි ලෙස ගෙවීමට එකඟ වූයේ    රුපියල් මිලියන 1.69 ක වන්දි මුදලක් පමණක් වීමය. ඉඩම් හිමියන් ප්‍රශ්න කර තිබුණේ විදුලිබල මණ්ඩලයේ මෙම හැසිරීමය.

මෙම ආරවුල ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට  යොමු කර තිබුණේ අගෝස්තු 08 වනදාය. අද විදුලිබල මණ්ඩලය සහ ඉඩම් හිමි පාර්ශවය මහජන උපයෝගීතා කොමිසමට කැඳවා තිබුණේ උක්ත ගැටලුවේ සමථකරණය සඳහාය.

මෙම සමථකරණය අවස්ථාවේ දි  ඉඩමෙහි හිමිකරුවන් වන රත්නපුර ප්‍රදේශයේ ආටිගල පවුල විසින් රටේ වත්මන් විදුලි අවශ්‍යතාව පිළිබඳ සැලකිල්ල දක්වමින් පොදු ජනතාවට අපහසුවක් නොවන පරිදි අඛණ්ඩ විදුලි සැපයුමකට දායකවීම සඳහා අදාළ ඉඩම කිසිදු වන්දියකින් තොරව රජයට පරිත්‍යාග කිරීමට   පළ කළේය.

මෙම එකඟතාව පිළිබඳ ගිවිසුමට අදාළ පවුලේ සමාජිකයින් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සමථකරණ මණ්ඩලය ඉදිරිපිටදී අත්සන් කළේය.

අදාළ සම්ප්‍රේෂණ රැහැන ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද මෙම ගිවිසුම මගින් පහසුකම් සලසා ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාළ විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමට ද අවම උස මීටර් 20ක් තබා ඉදිකිරීමට ද පොළොව මට්ටමේ සිට මීටර් 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන ඉදිකිරීමට ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පනවා ඇති විදුලි ආරක්ෂාව තත්ත්වය හා අඛණ්ඩතාවය පිළිබද රෙගුලාසිවලට යටත්ව රැහැන ඉදිකිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය විසින් එකඟ විය.

මෙම එකඟතාව අද දින සිට බලාත්මක විය.

ඉහත සම්ප්‍රේෂණ රැහැනට අදාළ ආරවුල නිරවුල් කිරීමේ කමිටුවෙහි සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ පාරිභෝගික කටයුතු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රොෂන් වීරසුරිය   ක්‍රියා කළේය.   පළපුරුද්දක් ඇති බාහිර සාමාජිකාවක වශයෙන් නීතිඥ සී. එල්ලාවල   සහ ඉංජිනේරු ගාමිණි සේනානායක  කටයුතු කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ආටිගල පවුලේ ආදර්ශමත් ප්‍රදානය හේතුවෙන්  පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ මාර්ගය   සම්බන්ධයෙන් වූ ගැටලුව විසඳුන බවය. හෙට (12) ඉදිකිරීම් ආරම්භ කර දින 06ක් තුළ අවසන් කිරීමට බලාපරොත්තුවන බව ද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආනයනික එළුවන් 100ක ගෙන් රුපියල් කෝටියකට වඩා වටිනා එළුවන් 31 මිය යෑම අපේක්ෂා කළාලු…

Next Post

කාසල්රී ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.