හැටන් රංජිත් රාජපක්ෂ –
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද 11 පස්වරුවේ විනාඩි 30 ක පමණ කාලයක් තද වැසි පතිත විය.
බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක්ද මතු වී තිබු අතර , කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාවද පහල බැස තිබුණි.
පැවති වියළි කාලගුණ තත්ත්වය තේ වගාවට සහ එලවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබුණි.