බන්ධනාගාර තදබදය පිළිබඳ බරපතළ ගැටලුවට පිළිතුරක් ලෙස නිවාස අඩස්සියේ තැබිමේ ක්‍රියා පටිපාටියක් හඳුන්වාදීම සඳහා නීති සම්පාදනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි වුනේය.
අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් බන්ධනාගාර තදබදය පිළිබඳ ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල උපරිම ධාරිතාව රැඳවියන් 13,000ක් වන අතර වත්මන් ප්‍රමාණය 29,000ක් බව අමාත්‍ය ජයරත්න අනාවරණය කළේය.
ෙඋපායමාර්ගික ප්‍රතිචාරයක් ලෙස, සිරකරුවන්ට එල්ල වී ඇති පීඩනය සමනය කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සක්‍රීයව සලකා බලන බව ඇමතිවරයා පැවසුවේය. .
“අපි 1991 අංක 08 දරණ රිමාන්ඩ් නිදහස් කිරීමේ පනත සක්‍රීය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිශ්චිත වැරදි සම්බන්ධයෙන් චූදිතයන් සහ රිමාන්ඩ් වරෙන්තු යටතේ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම මෙම ව්‍යවස්ථාවෙන් දක්වා තිබෙනවා.” ඇමතිවරයා කීවේය.
තවද, පූර්ණ සමාලෝචන ක්‍රියාවලියක් හරහා විශේෂ සමාව ලබා දීමේ යාන්ත්‍රණයක් සඳහා නිර්දේශ සකස් කිරීටම කමිටුවක් ස්ථාපිත කරන බව ද අමාත්‍ය ජයරත්න පෙන්වා දුන්නේය.
මෙම ප්‍රවේශය සාධාරණත්වය සහ යුක්තිය සහතික කරන අතරම බන්ධනාගාර තද බදයට විසඳුමක් ලබා දෙන බව ද කීවේය.