කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පත් කෙරෙති.
නොවැම්බර් මස 17වනදා සිට උන්වහන්සේ එම ධුරයේ කටයුතු කරනු ඇති බව වාර්තා වේ.
මීට සති කිහිපයකට පෙර ගුරු වැටුප් විෂමතාවලට අදාල විරෝධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අභයාරාමයට කැඳවීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කටයුතු කර තිබුණි.
ඒ එම විරෝධය අවසන් කිරීමේ ඉල්ලීම් කිරීම සඳහායි.
කෙසේ වෙතත් එම රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පවසා ඇත්තේ ලඟදීම උන්වහන්සේට නව තනතුරක් ලැබෙනු ඇති බවත් ඇතැම් විට එය සරසවියක කුලපති තනතුරක් විය හැකි බවයි.







