සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොටෑසියම් ක්ලෝරයිඩ්වලින් කාබනික පොහොර හැදූවා කියා ලංකාව ගිනස් වාර්තාවකට යනවා”

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 14, 2021 - Updated on ඔක්තෝබර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොටැසියම් ක්ලෝරයිඩ්වලින්  කාබනික පොහොර සැදූවේ යැයි ගිනස් වාර්තාවක් තිබ්බ රටක් බවට ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ්  පොහොර මෙට්‍රික් ටොන් තිස්දාහක් කොළඹ වරායේ ඊයේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීම මෙරට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මේ බව කීය.

“මාධ්‍ය තුලත් පුවත්පත තුලත් ප්‍රධාන ප්‍රවෘත්තිය උනේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් තිස් දාහක් වරායෙන් ගොඩබායි එය දිස්ත්‍රික්ක අටකට රෑම යවයි කියලා. තව දුරටත් එහි සදහන් වෙනවා මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ්  පොහොර මෙට්‍රික් ටොන් තිස්දාහක් කොළඹ වරායේ ඊයේ ගොඩබෑ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි කියලා . අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ තුලින් කවුද රවට්ටන්නේ කියන එක පොටෑසියම් ෆ්ලෝරයිඩ් කාබනික පොහොර .එය ගිනස් වාර්තාවක් විය යුතුයි. රට ජාත්‍යන්තරයට යන්න ඕන හේතුවක්. පොටැසියම් ෆ්ලෝරයිඩ් වලින් කාබනික පොහොර හැදුවා කියලා ගිනස් වාර්තාවක් තිබ්බ රටක් බවට ප්‍රසිද්ධ වෙනවා. මොකද අපි දන්න තරමට පොටෑසියම් ෆ්ලෝරයිඩ් කියන්නේ කාබනික ද්‍රව්‍යයක් නෙමෙයි .කාබනික යනු සත්ත්ව හෝ ශාඛ කොටස් වලින් සාදාගන්නා නිෂ්පාදනයක් පොටෑසියම් ෆ්ලෝරයිඩ් වලින් කොහොමද කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ . අපි දන්නවා ආවර්තිතා වගුවේ පොටැසියම් ෆ්ලෝරයිඩ් කියන එක තියෙනවා මේක පැහැදිලිවම අකාබනික පොහොර අකාබනික මූල්‍ය ද්‍රව්‍ය වලින් තමයි නිෂ්පාදනය කර තියෙන්නේ. පොටෑසියම් ෆ්ලෝරයිඩ් කාබනික පොහොර වෙන්නේ නෑ .එය තියෙනවා නම් රසායනික පොහොර විය යුතුයි. මේක රටේ ජනතාව අන්දන්න කරන වැඩක්. ජනතාව මුලාවට පත් කරන වැඩක්. මෙහි තිබෙන අනිත් ගැටලුව දස්ත්‍රික්ක අටකට රෑම යවයි එසේ යවනවා කියන්නේ එහි තිබෙන යම් යම් බැරලෝහ වෙන්න පුළුවන් වෙනත් රටේ ජනතාවට සුදුසු නැති ද්‍රව්‍ය තියෙනවද කියන එක පරීක්ෂණයක් කරන්න අවස්ථාවක් ලබා නොදීම. මේ පොහොර කොහෙන් ගෙනාවද මොන විදියට ගෙනාවද මේක සාම්පලයක් පරීක්ෂා කරා වෙන්න පුළුවන්. මීට කලින් මීට කලින් ගෙනාපු සාම්පල් ද මෙම මෙට්ට්‍රික් ටොන් තිස් දාහේ තියෙන්නෙ. එතකොට මේ මෙට්‍රික් ටොන් තිස්දාහේ සාම්පල් කිහිපයක් අරගෙන මේවා පරීක්ෂණ කළ යුතු නැද්ද .ගෙනාපු ගමන්ම රට ඇතුළට වෙනත් දිස්ත්‍රික්ක වලට ප්‍රවාහනය කිරීමෙන් රට විශාල අවදානමකට ලක් වෙන්න පුළුවන්. මොනවා ගෙනල්ලා මේ රටේ පොළොවට යොදන්න කටයුතු කරනවා ද කියන එක විශාල ගැටලුවක්.

පසුගියදා චීනයෙන් කාබනික පොහොර ගේන්න උත්සාහයක් ගත්තා. පර්යේෂණ තුළින් එර්වීනියා බැක්ටීරියා ගැටලුවක් තියෙනවා කියන එක අපට දැනගන්න ලැබුණා . පරීක්ෂණයට විරුද්ධවත් චීන තානාපති කාර්යාලය යම් නිවේදන නිකුත් කරා. මේ වෙලාවේදී එන ගැටලුවක් තමයි චීන තානාපති කාර්‍යාලයට පුලුවන්ද ඒ වගේ නිවේදන නිකුත් කරන්න. අපේ පර්යේෂණායතන අවතක්සේරු කිරීමක් එහි සිදු වෙනවා. අපේ ස්වෛරීභාවයට එය ගැටළුවක් අපිට ඉතා වගකිවයුතු තොරතුරක් ලැබිලා තියෙනවා ඒ පොහොර නැවතත් ලංකාවට ළඟා වෙමින් තියෙනවා කියලා. සිංගප්පූරුවෙන් ලංකාවට ඒ ගැටලු සහගත කාබනික පොහොර නැව ලංකාවට ළඟා වෙමින් තිබෙන්නේ මේ රටේ ගොවි උද්ඝෝෂණ නිසා ගොවි විරෝධතා නිසා රටේ පොහොර නැති නිසා. ඒ නැව නැවත ලබා ගන්න කටයුතු කර තිබෙනවා අපි මේ ආණ්ඩුවට කියනවා කරුණාකරලා පොහොර ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න දැන් මේ වෙනකොටත් ප්‍රමාදයි නමුත් මේ රටේ අනාගතය ආබාධිතයින් ඇතිකරන රට විනාශ කරන පොහොර මේ රටට ගෙන එන්න කටයුතු කරන්න එපා කියලා ආණ්ඩුවට කියනවා .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ ගොවියන්ට පොහොර නොලැබීම නිසා රට පුරා විරෝධතා ඇති වෙලා. කාබනික වෙන්න පුළුවන් රසායනික වෙන්න පුළුවන් දෙකම අද නැහැ .ප්‍රධානම ගැටලුවක් පොහොර නැති එක. ආණ්ඩුව රටේ ජනතාවට මතයක් ඇති කරා කාබනික පොහොර තමයි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. නමුත් එයට හේතුව ඔය සුන්දර කතා නෙමෙයි . ඩොලර් නැති ප්‍රශ්නය එයින් බේරෙන්න කාබනික පොහොරවලට රටක් හැටියට හුරු වන බවට සුරංගනා කතාවක් දැම්මා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ප්‍රතිපිළිකාකාරක ඖෂධය පර්යේෂණාගාර තත්ත්ව තුළ සියලුම පිළිකා සෛල විනාශ කළා…

Next Post

ගම්පහ සෞඛ්‍ය ලොක්කා හෝටලයක කොවිඩ් මර්දනය කරන හැටි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.