බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ප්‍රතිපිළිකාකාරක ඖෂධය පර්යේෂණාගාර තත්ත්ව තුළ සියලුම පිළිකා සෛල විනාශ කළා…

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමීර සමරකොන් කියන කතාව...

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සංවාද සටහන –  ශ්‍රියානි විජේසිංහ –

  • මේ පෝෂක ඖෂධය එළි දැක්කේ අවුරුදු 12ක පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස…

  • මේ කාලය ඇතුළෙ පරීක්ෂණ පත්‍රිකා 50ක් අන්තර්ජාතික විද්‍යාත්මක සඟරාවල පල කරලා තියනවා…

  • ඖෂධය හදන්න යොදා ගත්තේ ස්භාවික පරිසරයේ පවතින ගස් වැල්, මිනිස් සිරුරට අහිතකර නොවන දිලීර වැනි දේ  පමණයි…

  • පිළිකා රෝගීන්ට, ජානගතව පිළිකා අවදානමක් තියන අයට මේ පෝෂක ඍෂධය ඉතාම සුදුසුයි…

  • මේ පර්යේෂණ සඳහා අරමුදල් යොසා ගන්නේ ඉතාම අපහසුවෙන්… නිශ්ඡිත පර්යේෂණ අරමුදලක් තිබුණා නම් අපට බොහෝ දෙ කළ හැකිව තිබෙනවා…

පිළිකාව මානව ඛේදවාචකයක් වී ඇති අයුරු අපි දකිමින් හිඳිමු. දිනපතා ලෝක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පිළිකාවේ මාරක ගොදුරු බවට පත්වෙමින් සිටිති.  මේ වනවිට ඒ මහා ඛේදවාචකයට එරෙහිව ලොව පුරා පර්යේෂකයන් සිය විද්‍යාත්මක දැනුම මෙහෙයවමින් පර්යේෂණ දියත් කර ඇත. එහෙත් පිළිකාව සපුරා සුව කිරීමට හැකි විද්‍යාත්මක ප්‍රතිකාරයක් තවම හඳුනාගෙන නැත.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය ලෝකයේ විද්වත් පර්යේෂණවලට සමගාමීව පිළිකාවට එරෙහි  පර්යේෂණ කරන විද්වත් ආයතනයකි. එම ආයතනයේ ශ්‍රී ලාංකේය විද්වත්තු පිළිකා සෛල නසන පෝෂක ඖෂධයක් පසුගිය දා සොය ගත්තේය.

ලෝක සම්භාවනාවට ලක් වූ එම විශිෂ්ට විද්‍යාත්මක පර්යේෂණය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සමීර සමරකොන් සමග ලංකාසර වෙබ් අඩවිය විශේෂ සකච්ඡාවක් පැවත්වනු ලැබුවේය.

මේ පළවන්නේ එම සාකච්ඡාවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Dr-Sameera-Samarakoon
ආචාර්ය සමීර සමරකෝන්

ප්‍රශ්නය – කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික , අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය පිළිකා සෛල නැසීමට හැකියාව පවතින ප්‍රති පිළිකා කාරකයක් සොයා ගැනීම පිලිබඳව වාර්තා පළවෙනවා‍ . මේ සම්බන්ධයෙන් කෙටි පැහැදිලිකිරීමක් කළ හැකි ද?

පිළිතුර – ඔව් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ ආයතනය මගින් පර්යේෂණයන් ගණාවක්ම කළා. අපට පිළිකා සෛල විනාශ කළ හැකි ප්‍රති පිළිකාකාරකයක් සොයා ගැනීමට හැකිවුණා. මෙය සම්පූර්ණයෙන්ම ස්වභාවිකව ද්‍රව්‍ය භාවිත කරලා තමයි නිෂ්පාදනය කළේ.

ප්‍රශ්නය – ස්වභාවික දේවල් කියලා ඔබ මෙතැනදී අදහස් කළේ කුමක් ද?

පිළිතුර – ස්භාවික පරිසරයේ පවතින ගස් වැල්,  මිනිස් සිරුරට අහිතකර නොවන දිලීර වැනි දේවල් පමණයි මේ සඳහා යොදා ගත්තේ.

ප්‍රශ්නය – මේ පර්යේෂණයන් කිරීම ආරම්භ කරලා කොපමණ කාලයක් ගතවෙනවාද?

පිළිතුර – ප්‍රති පිළිකා කාරකයන් සෙවීම අප ආරම්භ කළේ වසර 2009දී.  එදා මෙදා තුළ කාලයේ දී අපි  විවිධ අයුරින් පර්යේෂණ කරලා පර්යේෂණ වාර්තාවන් 50ට වැඩියෙන්   එළි දැක්වුවා.

ප්‍රශ්නය – ඔබ එළිදැක්වූ පර්යේෂණ වාර්තාවන් ප්‍රසිද්ධ කර තිබෙනවා?

පිළිතුර – අපේ පර්යේෂණ වාර්තාවන් සියල්ල ජාත්‍යන්තර විද්‍යා සඟරාවන්හි   එළිදක්වා තියෙනවා.

ප්‍රශ්නය – ප්‍රති පිළිකා කාරකයන් සොයා ගැනීම  සඳහා ආරම්භ කළ පර්යේෂණය පිලිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

පිළිතුර – අපි මේ සඳහා ස්භාවික පරිසරයේ පවතින ගස්වැල් සහ මිනිස් සිරුරට හිතකර දිලීර වර්ගයන් භාවිත කළා.  මෙතනැදී මිනිස් සිරුරට හානිදාය නොවන ගස්වැල් පර්යේෂණය සඳහා යොදා ගත්තා.

මේ සියලුම දේවල් නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට කටයුතු කළා. මේ පර්යේෂණයේ අවසාන ප්‍රතිපලය වුණේ පිළිකා සෛලයන් විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් නිෂ්පාදනය කිරීමයි.

ප්‍රශ්නය – මේ පෝෂක ඖෂධයට හරියමට පිළිකා සෛල විනාශ කළ හැකි බව ට ඔබ සතුව පවතින දත්ත මොනවාද?

පිළිතුර – අපි පර්යේෂණාගාරය තුළ පිළිකා සෛල සහිත  මීයන් ඇති කර අනතුරුව මේ පෝෂක ඖෂධය මීයන්ට ලබා දුන්නා. එහිදී අපි දැක්ක දෙයක් තමයි උන්ගේ සිරුරේ වැඩෙමින් තිබූ පිළිකා සෛල සියල්ම විනාශ වුණ බව‍. විශේෂයෙන්ම මෙහිදී පියවි පිළිකා සෛල පවා විනාශ වීම විශේෂත්වයක්‍

ප්‍රශ්නය – පියවි පිළිකා සෛල විනාශ වී ම සම්බන්ධයෙන් වන  විශේෂත්වය කුමක්ද?

පිළිතුර – කීමෝ තෙරපි හෝ ශල්‍යකර්ම මගින් පිළිකා සෛල මුලුමනින්ම විනාශ කරන්න බැහැ‍. ඒවා යළි කවදා හෝ මතුවිය හැකිය. නමුත් පියවි පිළිකා සෛල විනාශ කළ හැකි නම් නැවත පිළිකාවක් හට ගන්නේ නැහැ‍. මේ පෝෂක ඖෂධය පියවි පිළිකා සෛල විනාශ කිරීමට සමත් වලා තියෙනවා.

ප්‍රශ්නය – මේ පෝෂක ඖෂධය  වෙළදපලින් මිලදී ගැනීමේ හැකියවක් තියෙනවාද?

පිළිතුර – තවම එය වෙළදපල වෙත නිකුත් කර නැහැ‍. ඉදිරිකාලයේ දී එය අනිවාර්යයෙන්ම නිකුත් වෙයි.

ප්‍රශ්නය – මෙය වෙළදපලට නිකුත් වෙන්නේ කරල් පෙති වශයෙන් ද?, ආහාරමය පානයක් වශයෙන් ද?.   වෙන ආකාරයකට ද  කියා කිව හැකිද?

පිළිතුර – ඒ පිලිබඳව නිවැරදිවම  කියන්න පුලුවන්කමක් නැහැ. මොකද මේ පෝෂක ඖෂධය අපි වෙළදපල වෙත නිකුත් කරන්න බලාපොරොත්තු වන්නේ තේ නිෂ්පාදිත සමාගම් හා එක්වයි. ඒ අය මෙය වෙළදපොල වෙත කෙසේ මුදාහරියිද කියලා හරියටම කියන්න බැහැ.

ප්‍රශ්නය – මේ ඖෂධය භාවිත කළ හැක්කේ පිළිකා රෝගයකින් පෙළෙන අයෙකුට පමණක්ද?

පිළිතුර – දැනට ශරීරයේ පිළිකා සෛල තිබෙන පුද්ගලයින්ට වගේම ජාන බලපෑමක් මත පිළිකාවන් වැළඳීමේ අවදානමක් පවතින අය ට වුවද මෙය භාවිත කළ හැකිය. ඕනෑම කෙනෙක් මෙම පෝෂක    භාවිතා කළා කියන එක ගැටලුවක් නෑ. නමුත් මෙම පෝෂක  භාවිතා කරන්න කියලා අපි කිසිම කෙනෙකුට බලකිරීමක් කරන්නේ නැහැ. දැනුම්වත් කිරීමක් විතරයි කරන්නේ. එය භාවිත කිරීම නොකිරීම ඔබ සතු කාර්යක්

ප්‍රශ්නය – මෙවැනි පර්යේෂණයන් සිදු කිරීම සඳහා අරමුදල් සපයා ගන්නේ කොහොම ද?

පිළිතුර – අරමුදල් සපයා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක්.  මේ  ඖෂධය අ‌පේ පර්යේෂණවල අතුරු පලයක්. අපේ ප්‍රධාන පර්යේෂණයන් කරන අතර  ලැබෙන පොඩි විවේකයෙන් තමයි මේ පෝෂක ඖෂධය සොයා ගත්තෙ.

පර්යේෂණ සඳහා අපට අරමුදල් සපයාගන්න ඉතාමත් අපහසුයි. බොහෝ විට වැය වන්නේ අපේ පෞද්ගලික මුදල්.

මේ පර්යේෂණ අරමුදල ශක්තිමත් වෙනවා නම්   අපිට සාර්ථක ගමනක් යාමට අපහසු වෙන්නේ නැහැ.

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නෙළුම් කුළුණ ප්‍රමිතිගත ද?… විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැඩි සොයා බැලීමක..

Next Post

“පොටෑසියම් ක්ලෝරයිඩ්වලින් කාබනික පොහොර හැදූවා කියා ලංකාව ගිනස් වාර්තාවකට යනවා”

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.