පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්නටත් ඔහුගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් කලා පීඨයේ සෙසු සිසුන් 13 දෙනා යළිත් වරක් ජනවාරි 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර අධිකරණය අද නියෝග කළේය.
ඒ එම සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතා පදිංචිව සිටි නිල නිවසේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම සිසුන් 13 දෙනා හඳුනා ගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.







