උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද 20 හැවිරිදි තරුණියක් හදිසියේ මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහල මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණිය පවුලේ එකම දරුවා වන අතර ඇයගේ මරණය සම්බන්ධව දෙමව්පියන් පේරාදෙණිය රෝහල් පොලිසියට ද පැමිණිල්ලක් කර තිබේ.
රෝහලෙන් කළ විමසීමක දී මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බැවින් පරීක්ෂණය අවසන්වන තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවසීය.







