පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ තවත් සිසුවෙකු ඊයේ සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.
විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇති මෙම සිසුවා රාත්‍රී හතට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 25ක් වන පුලස්ති ප්‍රමුදි පෙරේරා නමැති මෙම සිසුවා නවාතැනෙන් පිටව යෑමට පෙර ලිපියක් ලියා තබා ගොස් තිබේ.
මෙම සිසුවා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
විශ්වවිද්‍යාලය මගින් අද (03) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත