අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙර ආත්මයක බැඳීමක් දක්වා ගිය ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ චෝදනා කතාව!

තීන්දුව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කිරීමට නියමිතයි....

by editor
සැප්තැම්බර් 21, 2023
in පුවත්
Dhanishka
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි.

විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.

ඊයේ දිනය නඩුවේ කතාව වෙනත් අමුතුම හැඩයක් ගත්තේය. ඒ අධිකරණියේ දී පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ප්‍රදර්ශනය කිරීමත් සමගය.  ධනුෂ්ක ගුණතිලක අතින් දූෂණයට ලක් වී යැයි පැවසූ තරුණිය ඇයගේ පෙර ආත්මය ගැන ධනුෂ්ක සමග කතා කළ බව ඔහු අධිකරණයට කීවේය.

එම ප්‍රවෘත්තිය බීබිසී සේවය වාර්තා කර තිබුණේ මෙසේය.

ඊයේ (20) අධිකරණයේදී පෙර පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ප්‍රදර්ශනය කෙරුණි. එහිදී, ඔවුන් දෙදෙනා තරුණියගේ සෝපාව මත සිප ගැනීමට පටන්ගත් බවත් පසුව ඇගේ නිදන කාමරයේ ලිංගිකව හැසිරුණු බවත් ගුණතිලක පොලිසියට පවසා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහුට ලිංගික අතවර චෝදනා කළ තරුණිය පෙර ආත්මයේ දී එකිනෙකා දැන හඳුනාගැනීමක් ගැන කතා කිරීමෙන් පසු එය “ටිකක් අමුතුයැ”යි සිතූ බවත්, ඔහුට බියක්ද දැනුණු බවත් ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.

ඉන්පසු ඔවුන් සිදුකළ අධ්‍යාත්මිකත්වය පිළිබඳ සංවාදයක් ධනුෂ්ක ගුණතිලක විස්තර කළ අතර, එම කාන්තාවට අතීත ජීවිත දැකිය හැකියැ යි ඔහුට පැවසූ බව ද ක්‍රීඩකයා සඳහන්කර ඇත.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ පටයේ, ක්‍රිකට් ක්‍රීඩකයා හඬා වැලපෙමින්, ටිෂු කඩදාසිවලින් ඔහුගේ මුහුණ පිසදමමින්, එම සංවාදය සිත්ගන්නාසුළුයැ යි ඔහු සිතූ බවත් කාන්තාව ශ්‍රී ලංකා සංස්කෘතිය සහ බුදුදහම ගැන දන්නා බව සිතූ බවත් පොලිසියට පවසයි.

එම අවස්ථාවේ දී ඔහු සිනාසෙමින් පෙර ආත්මයක ඔහු කවුදැ යි තරුණියගෙන් විමසූ බව හා එහිදී ඇය පිළිතුරු දෙමින් ඔවුන් දෙදෙනා අසල්වැසියන් බව පැවසීයැ යි ක්‍රීඩකයා ප්‍රකාශ කළේ ය.

“‘අපි ඉපදුනේ තායිලන්තයේ. අප දෙදෙනා අසල්වැසියෝ. එයාට ඒක පේනවා,’ කියලා ඇය සඳහන් කළා,” ඔහු පවසයි.

එහිදී ඔහු බිය වූ බව ධනුෂ්ක ගුණතිලක පොලිසියට පවසා ඇත.

“ඇයි කියලා මම දන්නේ නැහැ, මට ඒ හැඟීම ඇති වුණා,” ධනුෂ්ක ගුණතිලක එලෙස පවසා තිබුණේ ය. “ඒ වගේම මම හිතුවේ ඇය ටිකක් අමුතුයි කියලා.”

පසුව එම කාන්තාව ඔහුට කුලී රථයක් සූදානම් කළ බවත්, ඔහු පිටත්ව යාමට පෙර සූදානම් වී දෙදෙනා සිපගත් බවත් ධනුෂ්ක ගුණතිලක පවසා තිබේ.

පැමිණිලිකාරිය සඳුදා සාක්කි දුන් විට, පෙර ජීවිත පිළිබඳ මාතෘකාව මුලින්ම මතු කළේ තමායැ යි වන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා ය.

හරස් ප්‍රශ්න කිරීම් යටතේ ඇය එය “පුද්ගලික සහ සමීප” සාකච්ඡාවක් බව ප්‍රතික්ෂේප කළ අතර, ඇය විසින් පොලිසියට කළ වාර්තාවලින් එය හිතාමතා ඉවත් කළබව ප්‍රකාශ කළාය.

ක්‍රිකට් ක්‍රීඩකයාට ඇසීමට අවශ්‍ය දේ ඔහුට පැවසීම සඳහා ඇය “කතාවක්” ගෙතූ බව පැමිණිලිකාරිය පැවසුවා ය.

ලිංගික අතවරයට ලක්වූ බව කියන සිද්ධියේ පළමු වාර්තාව ලබාගත් පොලිස් නිලධාරිනියක් ඇගේ සේවා මුරය අවසන් වූ පසු ඉවත දැමූ පරණ කඩදාසිවල සටහන් ලියා තැබූ බව මීට පෙර අධිකරණය හමුවේ සඳහන් විය.

රෝස් බේහි පොලිසියට ලද පළමු ඇමතුමට කොස්තාපල් කත්‍රිනා ලැකර්ඩිස් පිළිතුරු දී ඇති අතර, එම අවස්ථාවේ දී පැමිණිලිකාර තරුණිය ඇය ලිංගික අතවරයකට ලක් වූ බවට සඳහන් කර තිබේ.

ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් නගන ලද හරස් ප්‍රශ්න කිරීම් යටතේ, කොස්තාපල් ලැකර්ඩිස් ඇය සටහන් තැබූ ආකාරය පිළිබඳව සඳහන් කරන ලදී.

“ඔබ මේ සටහන් කළේ පරණ කඩදාසිවල,” ඔහු පැවසුවේ ය.

“ඒවා තමයි මගේ ඉස්සරහා තිබුණේ” කොස්තාපල් ලැකර්ඩිස් පැවසීය.

“ඔබ පරණ කඩදාසි කෑලි එළියට විසි කළා?” නීතිඥ තංගරාජ් අසා සිටියේ ය.

“මම එසේ සිදු නොකළ යුතුව තිබූ නමුත් මම එය කළා,” කොස්තාපල් ලැකර්ඩිස් පිළිතුරු දෙමින් පවසා සිටියා ය.

එම පොලිස් නිලධාරිනිය ඇගේ සගයකුට යැවීමට පැමිණිල්ල සටහන් කළ කඩදාසි කැබලිවල ඡායාරූප ගත් නමුත්, ඒවායින් ඇතැම් ඡායාරූප මකා දමා ඇති බව අධිකරණයේ දී ප්‍රකාශ විය.

කොස්තාපල් ලැකර්ඩිස් එය “වැරදීමක්” බව පිළිගත්‍තා ය.

“ඔබ කවද්ද ඒවා ඉවත් කළේ?” විත්තියේ නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ ය.

“බොහෝ විට මගේ වැඩ මුරය අවසන් වන විට විය හැකියි,” කොස්තාපල් ලැකර්ඩිස් පිළිතුරු දෙමින් පැවසීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තංගරාජ් යෝජනා කරමින් පවසා සිටියේ පොලිස් ක්‍රියා පටිපාටිය නිල සටහන් පොතක සටහන් කළ යුතු බව යි.

කොස්තාපල් ලැකර්ඩිස් මෙහිදී ඇය “ඉතා මැනවින්” ඇගේ සටහන් පොත භාවිතා කරන බවත්, මෙහිදී ඇගේ ප්‍රමුඛතාවය වූයේ පැමිණිල්ල ගැන නිවැරදි හා තත්‍යකාලීන වාර්තාවක් තැබීම බවත් පැවසුවා ය.

පැමිණිල්ල ලියූ කඩදාසිය බැහැර කිරීමට පෙර ඇය ඡායාරූප පරීක්ෂා නොකළේ මන්දැ යි ඇසූ විට, පොලිස් ස්ථානයේ සේවය කිරීම “අධි පීඩන පරිසරයක්” බවත්, එම තත්ත්වයන් තුළ තමාට හැකි උපරිමය කළ බවත් ඇය පැවසුවා ය.

ලිංගික අතවරයට ලක්වූ තරුණියගේ මිතුරන් දෙදෙනෙකු සිද්ධියෙන් පසු දිනවල දී ඇය ඔවුන් වෙත සිදුකළ ප්‍රකාශ පිළිබඳව අද අධිකරණය හමුවේ තොරතුරු වාර්තා කර තිබුණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

සිද්ධියට මුහුණ දුන් තරුණිය හෝ ඇගේ මිතුරියන්ගේ අනන්‍යතාව අධිකරණය හමුවේ හෙළි නොකරන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුව මඩකපු පාරට යාබද තමන්ගේම ගෙවත්තේ දී වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට… ගම්මු පාර වසා උද්ඝෝෂණය කරති!

Next Post

උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනය ලබන සතියේ ප්‍රකාශ කරනවා… අධ්‍යාපන ඇමති කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.