පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසු පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව ශාස්‍ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
නවක වදයට එරෙහි සිසු පිරිසකට මෙම පහරදීම පසුගිය 14 වැනි විශ්වවිද්‍යාලයේ “ගෙම්බා “ ආපන ශාලාව අසලදී සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.
මෙම පහර දීමේ සිද්ධියෙන් පසු ශාස්ත්‍ර පීඨ සියලු සිසුන් සඳහා දේශන මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම පීඨ පාලනාධිකාරිය තීරණය කර ඇත.
ශාස්ත්‍ර පීඨයේ සිසුන් කණ්ඩායමක් මෙම තීරණයට විරෝධය දක්වා තිබෙන අතර ඔවුන් අද (18) වන විටත් විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත්ව නොගොස් නේවාසිකාගාරවල රැඳී සිටි බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.







