ශ්‍රියානි විජේසිංහ –
ආණ්ඩුව තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමේ සැලසුමට අරඅදිමින් සිටින බවට සැක මතුව ඇති බැවින් එයට විරෝධය දක්වමින් පෙබරවාරි 01 වන දින ප්‍රධාන තැපැල් මූල්ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කරයි.
මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු රැසක්ම පැවතියද එම පුරප්පාඩු පිරවීමට රජය කටයුතු නොකරන බව හෙතෙම පෙන්වාදේ.
කණිෂ්ට කාර්ය මණ්ඩලයෙ විශාල හිගයක් පැවතිදී දෛනික ලිපි බෙදීමේ ගැටලු මතුවී තිබෙන බවත් මෙම ගැටලුව වැඩි වශයෙන් ගම්බඳ ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑම් ඇති කරන්නක් වී ඇති බවත් සම කැඳවුම්කාරවරයා පවසා සිටියි.
කණිෂ්ඨ කාර්ය මණ්ඩල, පළමු ශ්‍රේණියේ නිලධාරීන්, හා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ දැඩි හිඟයක් වසර ගණනාවක සිට පවතින බැවින් තැපැල් සේවාව ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින්ට නිසි සේවාවක් ලබා දීමට නොහැකි වී ඇති බවද හෙතෙම පෙන්වාදේ.
තවද දේශීය තැපැල් ගාස්තුව සියයට 300න්ද විදේශීය තැපැල් ගාස්තුව සියයට 800න්ද ඉහළ නැංවීම හේතුවෙන් පාරිභෝගිකයින් පෞද්ගලික තැපැල් සේවාවන් වෙත යොමු වෙමින් තිබෙන බව පෙන්වා දෙන චින්තක බණ්ඩාර වැඩි දුරටත් පවසා සිටිනුයේ රජය හිතා මතා මෙවැනි කටයුතු සිදුකරනුයේ තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමට විය හැකි බවට සැක මතුව තිබෙන බවය.