විශේෂඥ වෛද්‍යවරුන් 2700න් මේවන විට මෙරට තුළ රැදී ඇත්තේ 2000ක පමණ පිරිසක් බැවින් මේ අය මෙරට රඳවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනිමට සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ගත හැකි සෑම පියවරක්ම ගැනීම සඳහා සියලුම වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඒකමතිකව තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.
සෞඛ්‍ය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයන් භාවිත කර මානව සම්පත රැකගැනීමට හා රෝගී සත්කාර සේවාවන්ට අවශ්‍ය ඖෂධ හා වෙනත් සේවාවන් ලබා ගැනිමට අවශ්‍ය යෝජනාවන් සහ ක්ෂේත්‍රෙය් ඉදිරි දැක්ම පිළිබඳව යෝජනාවන් ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් ඉදිරි සති දෙක තුළදී සෞඛ්‍ය අමාත්‍යංශයට යොමු කිරිමට පසුගියදා රැස් වූ විශේෂඥ වෛද්‍ය සංගම්වල සමස්ත වෛද්‍යවරුන් තීරණය කළ බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන පැවසුවේය.
ඊලඟ මාස තුන ඇතුළත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විය යුතු වෙනස්කම් සහ ඉදිරි මග පිලිබඳව නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට කටයුතු කරන බවත් මේ සදහා සෞඛ්‍ය ඇමතිවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහයෝගය ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසිය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ වන විට යම් හායනයන් සිදුවී තිබුණ ද විශාල කඩාවැටිමක් සිදුව නොමැති බව කී විශේෂඥ වෛද්‍යවරයා බොහෝ දෙනෙක් මෙය කඩා වැටි ඇති බව පෙන්වීමට උත්සාය කරන බව කිවේය. ඒ පිලිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සෞඛය ක්ෂේත්‍ර යේ සියලුම පාර්ශ්ව කරුවන්ගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
පසුගිය වසරක කාලය පුරා වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම සදහා ඉහළ පෙළේ සාකච්ඡා පැවැත් වූ බවත් එහි ප්‍රතිපලයක් ලෙස ආර්ථික යුක්තිය උදෙසා වෛද්‍යවරුන්ට හිිමි දීමනාවකින් කොටසක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බවත් පෙන්වා දෙන විශේෂඥවරයා වෛද්‍යවරුන්ට හිමි දීමනාවන් ලබා ගැනීමට වෙනත් පාර්ශ්වකරුවන් කටයුතු කරන්නේ නම් එය සාධාරණ වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.
එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් අනෙකුත් ක්ෂේත්‍රයන්ට හිමි දීමනා ලබා ගැනීමට ඔවුන් යම් සටනක යෙදී සිටින්නේ නම් ඒ සදහා සංගමයේ පූර්ණ සහය ලබා දීමට වුවද කටයුතු කළ හැකි බවද වෛද්‍ය දර්ශන සිරිසේන කීවේය.