පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන තොගක රැගත් නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඊයේ (23) පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන නෞකාව ප්‍රමාදයක් හේතුවෙන් අද දිනට පැමිණිමට නියමිතව තිබූ නමුත් පෙට්‍රල් තොගය පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවට සැපයුම්කරු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා ඇති බව අමාත්‍ය විජේසේකර කියයි.
ඉන්ධන තොගය පැමිණෙන දිනය අදින් පසුව තහවුරු කරන බවද ඔහු වැඩිදුරටත් කියයි.
“ ඊයේ සිදුකළ යාවත්කාලීන කිරීම ගැනත් මේ ඉන්ධන නෞකාවේ ප්‍රමාදය සම්බන්ධවත් මම සමාව අයදිනවා,” බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය