ධම්මික පෙරේරා මිට සුලු වෙලාවකට පෙර තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඔහු පසුගිය 22 දා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පසුගිය 22වැනි දා දිවුරුම් දුන්නේය.
ඊට පෙර ඔහු මෙතෙක් නොගෙවා තිබූ රුපියල් බිලයන ගණනක බදු හදිසියේ ගෙවා නිම කර තිබිණි.
එමෙන්ම ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් තමා සභාපතීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරූ සමාගම් වලින් ඉල්ලා අස්වූයේය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම වළක්වන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රමුඛ කණ්ඩායමක් අධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කළත් අධිකරණයෙන් එය ප්‍රතික්ෂේප විය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවාට පොහොට්ටුවේම පිරිසක් එරෙහි වී තිබිණි.