මෙරට පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සඳහා චීනයේ තාක්ෂණික සහයෝගීතාවය ලබා ගැනීම සඳහා චීන විද්‍යා ආයතනය සමග අද (10) ගිවිසුමකට එළඹීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන 9.30ට පමණ ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ අමාත්‍යාංශ ලේකම් නිශාන්ති ජයසිංහ රජය පාර්ශවයෙනුත්, මහාචාර්ය ලෙන්ග් යුක්සින්, සහ ලී ක්වින්ග්හයි චීන රජය පාර්ශවයෙනුත් මෙම ගිවිසුමට අත්සන් කරනු ලබන බව වාර්තා වේ.







