කීර්ති ප්‍රනාන්දු –
පුද්ගල මරණ සම්බන්ධයෙන් රට තුළ මෙතෙක් පැවති අනිවාර්ය පී.සී.අර් ක්‍රමය වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශයක් ඊයේ (15) නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ රෝහල් තුළදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණයක් සම්බන්ධව පී.සී.ආර් පරීක්ෂාව පිළිබඳ තීරණය මින් පසු පශ්චාත් මරණ පරීක්ෂණ අවස්ථාවේ දී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගේ අභිමතය අනුව සිදුකළ යුතු බවය.
ඒ අනුව මෙතැන් පටන් දේහයක් සම්බන්ධව පීසීආර් පරීක්ෂණය කිරීම සඳහා තීන්දු කිරීමේ බලය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත පැවරෙනු ඇත.