අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයන් 9ක් මරා දැමූ ‘ට්විටර් ඝාතකයාට’ මරණ දඬුවම

by Lanka Sara Editor
දෙසැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සියදිවි නසාගැනීමේ අදහස් සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින් 9 දෙනෙකු 2017දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජපානයේ “ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද පුද්ගලයෙකුට ටෝකියෝ දිසා අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ 30 හැවිරිදි තකහිරෝ ශිරාෂිට ය.

ටෝකියෝ දිසා අධිකරණයේ ටචිකාවා ශාඛාව විසින් තීන්දු කළේ නව දෙනෙකු ඝාතනය කිරීම, කැබලි කිරීම සහ කානගාවා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ ගබඩා කිරීම යන චෝදනා යටතේ මොහු වැරදිකරු බවයි.

මුලසුන හෙබවූ විනිසුරු නාඕකුනි යානෝ තීන්දු කළේ වින්දිතයන් නවදෙනා ඝාතනය කිරීමට එකඟ නොවන බවත්, ඝාතනවලට වගකිව යුතු තරමට ශිරාෂි සුදුසු මානසික තත්ත්වයක බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විනිසුරුවරයා මෙම අපරාධ මාලාව හඳුන්වන ලද්දේ “අපරාධ ඉතිහාසයේ අතිශය දරුණු” අපරාධයක් ලෙසයි.

සමාජ මාධ්‍ය තුළ මෙවැනි අපරාධ කෙතරම් ගැඹුරට මුල් බැස තිබේද යන්න පිළිබඳව ජනතාව සැලකිලිමත් වීමට ද මෙම නඩුව හේතුවක් විය යුතු බව විනිසුරුවරයා තීන්දුව මගින් පෙන්වා දී තිබේ.

ගිහි විනිසුරු නඩු විභාගයේ ප්‍රධාන තර්කය වූයේ ශිරාෂි වින්දිතයින්ගේ කැමැත්තෙන් ඝාතනය කළේ ද යන්නයි.

අපරාධ සම්බන්ධයෙන් වරද පිළිගත් ශිරාෂිට මරණීය දණ්ඩනය නියම කර ඇති නමුත් විත්තියේ නීතිඥයින් තර්ක කර තිබුණේ ඔහු වැරදිකරු වූයේ මිනීමැරීමට වඩා අවමයෙන් වන චෝදනාවට එනම් කැමැත්තෙන් ඝාතනය වීම යන්නට බවත්, ඔහු යැවූ පණිවිඩ පදනම් කරගෙන ඔහුගේ ගොදුරු වූවන්ගේ අනුමැතිය ඊට ඇති බවත්ය.

විත්තියෙන් ඉදිරිපත් වූ කරුණු මගින් කියා සිටියේ ශිරාෂි එක්කෝ මානසික දුබලතාවකින් මෙය කරන්නට ඇති බවයි.

එහෙත් 2018 සැප්තැම්බර් මාසයේදී ඔහුගේ අධිචෝදනා පත්‍රයට පෙර මාස පහක මනෝචිකිත්සක පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු ඔහු සාපරාධී ලෙස වගකිව යුතු බව නිගමනය විය.

අධිචෝදනා පත්‍රයට අනුව,
2017 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා ටෝකියෝ නුවර සිට තවත් ප්‍රාන්ත හතරක කාන්තාවන් අට දෙනෙකු සහ වයස අවුරුදු 15 ත් 26 ත් අතර පිරිමියෙකු ගෙල සිර කර මරා දමන ලදී. මරාදමන ලද කාන්තාවන් මියයාමට පෙර මොහුගේ ලිංගික අතවරයටද ලක්වූ බව වාර්තා වේ.

සිය ගොදුරු වූවන්ට ට්විටර් හරහා මියයෑමට උදව් කරන බවට ඔහු පොරොන්දු වී ඇත.

ට්විටර් හි සියදිවි නසාගැනීමේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුන්ට සමා හි පිහිටි ඔහුගේ මහල් නිවාසයට මෙම ඝාතකයා ආරාධනා කර ඇත.

මෙම නඩුව බොහෝ දෙනෙකු මවිතයට පත් කර තිබූ අතර මේ හේතුවෙන් ජපානය, උපකාර අවශ්‍ය තරුණ තරුණියන් සඳහා සහයෝගය වැඩි කිරීමට මධ්‍යම රජය සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරයන් වැඩියෙන් දායක වෙමින් සිටී.

ටෝකියෝහි අතුරුදහන් වූ 23 හැවිරිදි කාන්තාවක් සෙවීමේදී පොලිස් නිලධාරීන් ශිරාෂිගේ මහල් නිවාසයට ගොස් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී සිරුරු කොටස් අඩංගු සිසිලන උපකරණ කිහිපයක් සොයා ගැනිණි.

පසුව ඇය ඔහුට ගොදුරු වූවන්ගෙන් එක් අයෙකු බවට පත්වීමත් සමඟ මෙම ඝාතන වැල මුල්වරට අනාවරණය විය.

ශිරාෂි පැවසුවේ මරණ දඬුවම ලබා දුන්නද අභියාචනයක් ඉදිරිපත් නොකරන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 10ක් සංචාරණ සීමා පනවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයට කියයි

Next Post

මහේස්ත්‍රාත්වරයා රිමාන්ඩ් කිරීමට නියෝග කළ ඉන්දීය ධීවරයින් බන්ධනාගාරයෙන් ප්‍රතික්ෂේප කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.