අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 10ක් සංචාරණ සීමා පනවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයට කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන 21 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ රට සම්පූර්ණයෙන් වැසීමට නොහැකි නම් අවම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට හෝ බස්නාහිර පළාත තුළ සංචරණ සීමා කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඉදිරියේ එලඹෙන උත්සව සමයේ ජනතාව පාලනය කළ නොහැකි මට්ටමින් අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීමත් ඔවුන් එම ගමන්බිමන්වලදී සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු කිරීමත් නිසා කොවිඩ් වසංගතය වේගයෙන් පැතිරීමේ පවතින අවදානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මේ පිළිබඳව කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී කරුණු පෙන්වා දී තිබේ.

කෙසේ වුවද රජය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති අතර ඒ පිළිබඳව ඉදිරියේදීත් රජය හමුවේ කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සූදානම් බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දින කිහිප තුළ ද කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාතේ දක්නට ලැබුණු අතර විශේෂයෙන් කතෝලික ජනතාව වැඩිපුර වෙසෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල තත්ත්වය ද මෙම තීරණ ගැනීමේදී සැලකිල්ලට ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට රෝගීන් වැඩිවන වේගය පානය නොකළහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ඉක්මවා යාමේ අවදානමක් ද නිර්මාණය විය හැකි හෙයින් මේ පිළිබඳව තීරණය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වී තිබේ.

ඊයේ ද සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය ලේකම මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීද අමාත්‍යංශ බලධාරීන් මේ බව පෙන්වා දී ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අද පෙරවරුව වනවිට කොවිඩ් 19 වසංගත නිල තොරතුරුවලට අනුව බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 532ක් හමුවී ඇත. මේ අනුව අද පෙරවරුව වන විට ගත වූ දවස තුළ අලුතින් රෝගීන් 688ක් වාර්තා වී තිබේ.

මෙම තත්ත්වය මත මෙරට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් සංඛ්‍යාව මේ වනවිට සම්පූර්ණ වෙමින් පවතින අතර තවදුරටත් මේ වේගයෙන් ව්‍යාප්ත වුවහොත් නිවසේ තබා ප්‍රතිකාර කිරීමට සිදුවන තත්ත්වයක් පැවතිය හැකි වනු ඇතැයි ද මෙම ආරංචි මාර්ග අනතුරු ඇඟවීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු ධීවර කොල්ලකරුවන්ට එරෙහිව උතුරේ හා දකුණේ ධීවරයෝ එක්ව වීදි බසිති…

Next Post

පුද්ගලයන් 9ක් මරා දැමූ ‘ට්විටර් ඝාතකයාට’ මරණ දඬුවම

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.