දිනසේන රතුගමගේ –
නාවික හමුදාව විසින් ඩෙල්ෆ්ට් මුහුදු තීරයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු මේ මස 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කරණු ලැබූවත් කොරෝනා බිය නිසා ඔවුන්ව බාර ගැනීම 15 දා බන්ධනාගාරයෙන් ප්‍රතික්ෂේප වුණි.
මේ ඉන්දීය ධීවරයින් 22 නා සම්බන්ධයෙන් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදු කොට වාර්තාවන් ලැබෙන තුරු බන්ධනාගාරයට ඇතුලු කිරීම ප්‍රතික්ෂේපවීම නිසා ධීවර නිලධාරීන් ඒ බව අධිකරණයට දැණු දීමෙන් පසුව ඉන්දීය ධීවරයින් පිරිස දින 14 ක් නිරෝධායනයට ලක් කරණ ලෙසත් ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරණ ලෙසටත් අධිකරණයෙන් නියෝග ලැබී තිබේ.
ඒ අනුව ඉන්දීය ධීවරයින් 22 දෙදෙනා යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට තිබේ.