පුත්තලම් දිස්ත්‍රික්කයේ සංඝයා වහන්සේ නමකට පිහියෙන් ඇනීමේ සිද්ධියකට අරුන්දික ප්‍රනාන්දු සම්බන්ධ බව උඩුවේ ධම්මාලෝක හිමියෝ පවසති.
උන්වහන්සේ පවසන්නේ ඒ අපරාධය කළ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වළැක්වූයේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයා බවය.
උඩුවේ ධම්මාලෝක හිමියන් මේ බව ප්‍රකාශ කළේ අද (04) නාරාහේන්පිට අභයාරාමයේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.
උන්වහන්සේ එහිදී මෙසේ ද පැවසූහ.
“පුතාට වඩා වැරදි කරනවා පියා. විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ අයුක්තීන් අසාධාරණකම් සිද්ධවන වෙනත් දිස්ත්‍රික්කයක් රටේ නෑ. ඒ වැරදිවල පුරෝගාමියා තමයි අරුන්දික ප්‍රනාන්දු. මම ඉතාම වගකීමෙන් කියනවා ගිය සතියේ පුත්තලම් දිස්ත්‍රිකයේ වැඩ වාසය කරන හිමිනමකට පිහියෙන් ඇන්නා. ඒ අපරාධකරුවෝ අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නෙ නැත්තේ මේ අරුන්දික ප්‍රනාන්දු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා.” උඩුවේ ධම්මාලෝක හිමියෝ පැවසූහ.