කොවිඩ් මර්දනය සඳහා සමාජජාලා මගින් විවිධ ඖෂධීය කරල් ප්‍රසිද්ධ කරන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් මෙවැනි ඖෂධයන් ගැනීමෙන් වැලකී සිටින්නැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිලිබඳ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කළාය.
ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවා කොවිඩ් සුව කළ හැකි බව පවසමින් ඖෂධීය යැයි පවසමින් කරල් අලෙවි කිරීමට ප්‍රවර්ධන කටයුතුවල නිරතව සිටන බැවින් මෙවැනි ක්‍රියාවන් වෛද්‍ය ආචාර ධර්මයන්ට පැටහැනි බවත් ඇය පෙන්වාදේ.
වෛද්‍ය විද්‍යාත්මකම සනාථ නොවූ යම් යම් ප්‍රතිකාරයන් හා ඖෂධ ජනතාවට අධික මිල ගණන්වලට ලබා දීමට ඇතැම් වෛද්‍යවරුන් කටයුතු කරන බවට තොරතුරු හෙලිව ඇති බැවින් වෛද්‍යවරුන් ලියාපදිංචි ආයතනය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ඇතැයිද ඇය සඳහන් කරයි.