මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදන් වූ සිරස නාළිකාවේ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ මෘත ශරීරය සොයා ගෙන තිබේ.
එම ආයතනය පවසන්නේ මඩොල්සිම පුංචි ලෝකාන්තයේ පහළ ප්‍රදේශයෙන් ඔහුගේ සිරුර ගලක් මත රැඳී තිබියදී සොයා ගත් බවයි.
යුද හමුදා විශේෂ බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඔහුගේ සිරුර සොයා ගැනුණි.
යුද හමුදා විශේෂ බලකා භට පිරිස් රැෆ්ලින් කඹ ආධාරයෙන් අද අලුයම ප්‍රපාතයෙන් පහළට බැස මෙම සෝදිසි කිරීම්වල නිතර වූහ.
වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග එම ගමනට එක්ව තිබුණේ පසුගිය 06 වැනිදා බව පැවසේ.







