අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පීචං ආණ්ඩුකාරයා මේ හදන්නේ ජනාධිපතිත් විනාශ කරලා නැගෙනහිරට ගිනි තියන්න… මොරවැව නායක හාමුදුරුවෝ සෙන්දීල් තොණ්ඩමන්ගේ නිරුවත පෙන්වති !

by editor
සැප්තැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රි කුණාමලය සමන් මල්ලවආරච්චි –

රටේ ජනාධිපතිවරයාත් නැගෙනහිර පළාත තුළ අප්‍රසාදයට ලක් කරන ආගම්වාදී වියරුවකින් යුතුව නැගෙනහිර ආගමික සහජීවනය විනාශ කරමින් හැසිරෙන නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ  පීචං ක්‍රියාකලාපය සම්බන්ධව නැවත කල්පනා කරන බලන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව  මොරවැව ඉන්ද්‍රරාමාධිපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන හිමියෝ අද (01) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් දන්වා සිටියහ.

අද පැවති මාධ්‍ය හමුව අවස්ථාව…

ආණ්ඩුකාරවරයා මේ වනවිට රාජ්‍ය නිලධාරීන් ද දඩයම් කිරීමට සූදානම් බවත් නැගෙනහිර පළාතට  පැමිණ මාස තුනක් යනවිට ප්‍රදේශයේ ආගමික සහජීවනය නැති කළ  සෙන්දීල් තොණ්ඩමන් ලබා දී ඇති පූර්වාදර්ශය ජාතීන් අතර අසමගිය ඇති කිරීම බව ද උන්වහන්සේ කීහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

මේ පීචං ආණ්ඩුකාරවරයා නැගෙනහිර පළාත තුළ ජනාධිපතිවරයාට ජනතාව අතර තිබුණු ප්‍රසාදය නැති. මේ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන්    ජනාධිපතිවරයාටත් ඉදිරිය ගැන හිතන්න සිද්ධ වෙනවා.

බොරළුකන්ද රජමහා විහාර ප්‍රශ්නය ජනාධිපතිවරයාට සම්බන්ධ ප්‍රශ්නයක් නොවෙයි. ආගම්වාදීව කටයුතු කරපු ආණ්ඩුකාරයගේ ක්‍රියාකාරිත්වය නිසා ඇතිවුන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තුන් ජාතියෙම ඇවිලුනා. මේ ආණ්ඩුකාර තුමාට ත්‍රී කුණාමලයේ දෙමළ ජනතාවවත් කැමති නෑ. ඒක තමයි ඇත්ත.  “

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“ ආණ්ඩුකාර තුමනි…  බොරළු කන්ද රජමහා විහාරයට ඇතුළුවෙන්න පමණයි ඔබ අවසර ලබා දුන්නේ කියලා කියනවා. පිළිගන්නවා.  ඇතුළුවෙන්න අවසර දුන්නට අපි ඇතුළටවත් ගියේ නෑ. අපි ඉතාම සාමකාමීව කටයුතු කරන භික්ෂූන් වහන්සේල. ආගමික නායකයින් එක්ක කතා බහ කරලයි අපි මේ සියලුම කටයුතු කරන්නේ.”

නමුත් ඔබ එක්ක සාකච්ඡාවක් නෑ. අපට සාකච්ඡාව තියෙන්නේ පූජකවරු එක්ක… මහා නායක හාමුදුරුවරු එක්ක සහ බලධාරීන් එක්ක. ඒ වගේම ඔබ ප්‍රකාශයක් කළා ඇතුළුවෙන්න් අවසර දුන්නට ඉදිකිරීම් කරන්න අවසර දුන්නේ නෑ කියලා. ඔබගෙන් ඉදිකිරීම් කරන්න අවසර  අවශ්‍ය නෑ ආණ්ඩුකාරතුමනි.

ප්‍රාදේශීය සභා පනතේ පන්සලක් හදන්න අනුමැතිය ඕන කියලා නෑ. පූජනීය ස්ථාන බද්දේන් නිදහස්. බද්දෙන් නිදහස් කළාට පස්සේ අපට අවශ්‍ය විදිහට ඉදිකිරීම් කරන්නේ .  පන්සල හදන්නේ නායක හාමුදුරුවන්ගේ සැලසුමට. කෝවිල හදන්නෙ ප්‍රධාන පූජකතුමාගේ සැලසුමට. ඔබ එය දැනගත යුතුයි.

ඊලඟට ආණ්ඩුකරවරයා කියනවා  පන්සල ගොඩනගන්න අපි අවසර දුන්නොත්   අපි ඊට එහයින් අක්කර ගණනක කෝවිලක් අපි හදනවා. ඒකට ස්වාමීන්වහන්සේලා විරුද්ධ වෙනව ද කියලා.

කෝවිල් සියක් ගහගන්න අපට ප්‍රශ්නයක් නෑ. ගම්වල කොවිල් හදන්නේ ආණ්ඩුකාරවරයාගේ අවසර අරන් නෙමෙයි. හදාගත්තු දෙන්. අපිට අයිතිය තියන පූජනීය ස්ථානවල අපි ඉදිකිරීම් කරනවා. ඒකට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහන්න එන්න එපා.

ඒ වගේම  ඔබ ඇවිත් මාස තුන හමාරෙන්   සිංහල බෞද්ධයින් පදිංචි වෙලා ඉන්න මහවැලි  ඉඩම් අරගෙන ඉන්දියාවේ ව්‍යාපාර සඳහා පරිත්‍යාග කරන්න හදනවා.

අපේ පන්සල්වලට දන් දෙන බෞද්ධ ජනතාවගේ ඉඩකඩම්වලට අත ගහන්න ඇවිත් මේ ප්‍රශ්නය තව ලොකු කරගන්න හදන්න එපා. එහෙම උනොත් මට සිද්ධ වෙනවා තුන් ජාතිය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කරනවා. මේ උපවාසයට බොරළුකන්ද සම්බන්ධ නෑ.  මේ උපවාසය කරන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ මහවැලි ඉඩම්  ඉන්දීයාවට ලබා දීමට එරෙහිව.

ආණ්ඩුකාරතුමනි…. ඔබ තුමා මේ අපැහැදීම නැති කරගන්න. පැහැදීමෙන් කටයුතු කරන්න. ඔබ පස්සේ ඉන්න අය ඔබ විනාශ කරනවා. මේ ප්‍රශ්නය මෙතනින් අවසන් කරලා නැගෙනහිර අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන කටයුතු කරන්න පටන් ගන්න කියන ආරාධනය කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ටත් ක්‍රීඩකයන්ට සමාන ගෙවීම්!

Next Post

මත්පෙති තොගයක් එක්ක මැදවච්චියේදී නීතීඥවරයක් අත්අඩංගුවට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.