දිනසේන රතුගමගේ
පූනෑව පණ්ඩුකාභය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් මත්පෙති විශාල තොගයක් සමඟ නීතිඥවරයෙකු 31 දා මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා නිලධාරීන් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ජාතික ඖෂධ හා ආහාර පාලන අධිකාරියේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.
වෛද්‍යවරයෙකුගේ නීර්දේශයකින් තොරව මෙම නීතිඥවරයා විසින් මත්පෙති වර්ග දෙකකට අයත් පෙට්ටි 76 ක් රැගෙන ගොස් තිබේ.
වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව මෙතරම් විශාල ඖෂධ තොගයක් නිකුත් කරන ලද මැදවච්චිය ඖෂධ අලෙවි සලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමටද ජාතික ඖෂධ හා ආහාර පාලන අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙම නීතිඥවරයා හා අදාල මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මැදවච්චිය පොලිසිය වෙත භාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.