සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකාව නසන ඖෂධයක් දේශීය බෙහෙත් වට්ටෝරුවකින් හදා ලොව හෙල්ලූ විද්වතා කියන කතාව!

by editor
ජූනි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡා කර සකස් කළේ
ශ්‍රියානි වි‌ජේසිංහ –

පිළිකාවක් සුව කිරීමට බෙහෙත් නැත.  එවැනි පසුබිමක  පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් සොයා ගැනීමට කොළඹ  විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අනුක ජීව වේද සහ ජෛව තාක්ෂණ  ආයතනයේ  මහාචාර්ය සමීර ආර් සමරකෝන්   ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායක් සමත්ව සිටිති.  නියත මරණයේ මහා අන්ධකාරය අසල බලාපොරොත්තුවේ පහන් එළියක් දැල්වෙමින් තිබේ. ඒ ආලෝකයේ අභිමානය ලොවෙහි පතල වන්නේ ශ්‍රී ලාංකේය අභිමානයත් සමගය.  

වසර 12ට අධික කාලයක් පුරා දේශීය ශාක සහ ශාක සාර උපයෝගි කර ගනිමින් කරන  ලද මෙම පරේයේෂණය  මේ වන විට සාර්ථක ප්‍රතිපල පෙන්වමින් තිබේ.  මිනිස් සිරුරේ ගුදය, පෙනහලු, පියයුරු ඇතුලු ඕනෑම ස්ථානයක වැඩෙන අසාමාන්‍ය  පිළිකා පියවි  සෛලයන් විනාශ කිරීමේ හැකියාවක් මෙම නව  පෝෂක ඖෂධය සතු වන්නේය.   මෙම නව සොයා ගැනීම පිලිබදව මහාචාර්ය සමීර ආර් සමරකෝන් සමග  ලංකාසර විශේෂ සංවාදයක නිරත වුනේය. මේ ඔහු අපට කී කතාවය. 

මහාචාර්ය සමිර ආර්. සමරකෝන්

“ මේ පර්යේෂණයට මට ආයුර්වේද වෛද්‍යවරුන්,  බටහිර වෛද්‍යවරුන්, පර්යේෂකයින් ඇතුළු විශාල පිරිසක් සහය දැක්වුවා . අපිට  මේ පර්යේෂණය කරන්න වසර 12ට අධික කාලයක් ගතවුණා. අපි මුලින්ම කළේ දේශීය  ආයුර්වේද වෛද්‍යවරුන් භාවිත කල ඖෂධීය ශාක සහ ශාක සාර පිළිබදව පුළුල්ව පර්යේෂණ සිදු කිරීම.   ඊට පසුව ඒ ඖෂධ මිනිස් සිරුරට හානිදායක නොවන බව තහවුරු කර ගැනීම. 

අනතුරුව අපි විවිධ ශාකමය සංයෝගයන් අත්හදා බලලා පියවි පිළිකා සෛලවලට යොදා ගත්තා. පිළිකා රෝගීන්ගෙන්  ලබා ගත් පිලිකා සෛල විද්‍යාගාරයක්  තුළ වගා කරලා මෙම ඖෂධය යෙදුවා.  එතැනදී අපි දැක්කා මේ ඖෂධය මගින්  පිළිකා පියවි  සෛලයන් විනාශ වෙනවා. ”

ජීවී සෛල ඇතිවී නැතිවී යන අතර ඒවායේ සමබරතාවක් පවත්වාගෙන යාම නිරෝගි  මිනිස් සිරුරක ස්භාවය වන්නේය. නමුත් සෛලයක් විනාශ නොවී  අසාමන්‍ය වර්ධනයක් සිදුවන්නේ නම් එය පිළිකාමය තත්ත්වයක් බවත් එය අසාමාන්‍ය සෛල වර්ධනයක් සිදුවෙන ස්ථානයෙන් ගෙඩියක් ලෙස සිරුරෙන් පිටතට දිස්වීම දක්නට ලැබෙන බවත් මහාචාර්යවරයා සදහන් කරන්නේය.  

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහාචාර්ය සමීර මේ තත්ත්වය වඩාත් පැහැදිළි කළේය. 

“  අපේ ඇඟේ ජාන 19000ක් පමණ තිබෙනවා. ‌මෙයින්  වෙනස් වෙනස්  ප්‍රෝටීන් 90000ක් විතර  හදනවා.  පිළිකාව කියන්නේ  එක ජානයක හෝ ජාන කීපයක හදන   ප්‍රෝටීන්වල විකෘතියක්.  මෙයින් කරන්නේ සෛල මැරෙන වේගය අඩුකරලා සෛල බෙදීම  වේගවත් කිරීමයි.  අවසානයේදී ගෙඩියක් ලෙස සිරුරෙන් එළියට එනවා. අසාමාන්‍ය ගැටිත්තක්, තදට දැනෙන ගෙඩියක් ලෙස අප ඇතැම් විට දකින්නේ මෙන්න මේ කියන පිළිකාමය තත්ත්යවක්.”

පිලිකා රෝගියෙකුගේ පිළිකාමය ගෙඩිය සැත්කමක් මගින් ඉවත් කර අනතුරුව  පිළිකා පියවි  සෛල ඇත්නම් ඒවාද විනාශ කිරීම සදහා   රසායනික ප්‍රතිකාර (කීමෝතෙරපි)  හෝ විකිරණ ප්‍රතිකාරයන් ලබාදේ. මෙහිදී මෙම ප්‍රතිකාර ක්‍රම දෙකමට හසුනොවී පැවතිය හැකි  පිළිකා පියවි  සෛල තවදුරටත් පවතින අවස්ථාවන් තිබේ. මෙසේ පවතින පියවි පිළිකා සෛලයන් මගින් නැවත පිළිකාව ඇතිවේ. රසායනිකා ප්‍රතිකාර මගින් හෝ විකිරණ ප්‍රතිකාරයන් මගින් සියලුම  පිළිකා පියවි  සෛලයන් විනාශ ව්න්නේ නම් එවැනි පුද්ගලයින්ට නැවත පිළිකාවක් සෑදීමට තිබෙන ඉඩකට අල්පය විය හැකිය.  නමුත් ඇතැමුන්ට නැවත පිළිකාව හටගනී. එයට හේතුව වන්නේ ප්‍රතිකාරයන්ට හසුනොවී ඉතිරි වූ  පිළිකා පියවි  සෛලයන් නැවත මතුවීමය. 

මහාචාර්යවරයාගේ නවතම ඖෂධීය පෝෂකය මගින් සිදුරනුයේ මෙම පියවි පිළිකා සෛල මුළුමනින්ම විනාශ කිරීමය. මෙම ඖෂධීය පෝෂකය අතුරු ආබාධ කිසිවක් ඇති නොකිරිමද   විශේෂයකි. අපිට ආවේනික වූ අපේම ඖෂධීය ශාක සහ ශාක සාර මිනිස් සිරුරට   හානියක් සිදු නොකරන බව ආයුර්වේදය තුළ සඳහන් වේ.  

මෙම  පෝෂක ඖෂධය  පිළිකාව වැලදී සුව වූවන්ට,  පිළිකාවක් වැලදීමේ පවුල් ඉතිහාසයන් පවතින සාමාජිකයින්ට  ගත හැකිය. මේ සදහා විශාල මුදලක් වැය නොවන බවද මහාචාර්ය සමීර පෙන්වාදේ.

මෙම නව පෝෂක ඖෂධය  මේ වන විට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ඇත. මෙය  බටහිර ඖෂධයක් ලෙස භාවිතයට ගැනීම සදහා  අවශ්‍ය සායනික  පරික්ෂණ අවසන්ව ඇත. මේ සදහා ජාතික ඖෂධ අධිකාරියේ අවසර ලබාගැනීම සදහා තවත් කාලයක් ගතවෙනු ඇති බව මහාචාර්යවරයා පවසා සිටියි.

කෙසේ නමුත් ලොව පුරා බටහිර ඖෂධයක් ලෙස යම් ඖෂධයක් භාවිතය ගැනෙන්නේ නම් ඒ  සදහා නිමකල යුතු නිසි ක්‍රමවේද පටිපාටියක් පවතී. මේ වන විට මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම එම ක්‍රමවේදය ට අනුගතවිමට අවශ්‍ය කටයුතු කරමින් පවතින්නේය. 

ඒ සදහා තවත් වසර ගණනාවක්ම ගතවනු  ඇත.  

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සා.පෙ. විභාගය අවසන් දින පාසල කුඩු කළ දිඹුලාගල ළමා මැරයින්ගේ දෙමව්පියෝ දරුවන් පාසලට සිදුකළ අලාභය ගෙවන්න පොලිසියේ දී පොරොන්දු වෙති!

Next Post

ත්‍රෛපාර්ශවික ත්‍රස්ත මර්දන රැස්වීමේදී පාකිස්ථානයට චෝදනා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.