මීගහවත්ත නාරංවල ප්රදේශයේ පවත්වාගෙන යන පිරිවෙනක වැඩ වාසය කළ 12 හැවිරිදි සාමනේර හිමි නමක් ළිඳකට වැටී මියගොස් සිටිය දි ඊයේ (21) සොයාගෙන තිබේ.
මෙම කුඩා සාමනේර නම නොමැති නිසා සොයා බැලීමේ දී ළිඳකට වැටී සිටින බව දැකීමෙන් අනතුරුව ගොඩ ගෙන තිබේ.
ගොඩ ගන්නා අවස්ථාව වනවිටත් හිමි නම මියගොස් සිට ඇති බව පොලිසිය කියයි.
පොලිස් ආරක්ෂාව යටතේ සිරුර සිද්ධිය වූ ස්ථානයේම ඊයේ දිනයේ දි තබා තිබිණි.
මීගහවත්ත පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.