ලලිත් චාමින්ද –
ඛනිජතෙල් නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබු තිරණයට අනුව සංස්ථාව සතු බෙදාහරිනන්ගේ පිරවුම්හල් හා භාණ්ඩාගාරයට අයත් බෙදාහරිනන්ගේ පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුවක් අයකරගැනීමට තින්දු කළද එම තිරණය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොවිම නිසා ඉකුත් වර්ෂ පහක කාලය තුළදි ඛණිජතෙල් නිතිගත සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා පාඩුවක් වි ඇති බැව් ජාතක විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඛණිජතෙල් නිතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිරණයට අනුව 2014 ජනවාරි මස සිට මෙකී මාසික උපයෝගිතා ගාස්තුව අයකිරිමට අනුමැතිය ලබාදි තිබුණි. කෙසේවුවද මාසික උපයෝගිතා ගාස්තුව අයකරගෙන තිබුණේ අලෙවිකරුවන් 248 දෙනෙකු අතුරින් 11 දෙනෙකුගෙන් පමණි. එම නිසා 2014 වර්ෂයේ සිට සංස්ථාවට වාර්ෂිකව රුපියල් මිලියන 300කට වඩා ආදායමක් අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
දළ වශයෙන් 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුල සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා අලාභයක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මාසික උපයෝගිතා ගාස්තු අයකරගැනිමට සංස්ථාව විසින් ඵලදායි පියවරක් ගෙන නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ සදහා වගකිවයුතු පාර්ශවයන්ගෙන් සංස්ථාවට සිදුවි ඇති පාඩුව අයකරගැනිම සදහා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. කෙසේවුවද මේ සම්බන්දව සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය අලෙවිකරණය විසින් කරණු ලැබු නිර්දේශයන්ට එකගවි නැති බවය.
පෙරගෙවිමේ තිරණයේ අපහැදිලි බව හා පරස්පර බව සඳහන් කරමින් මෙම ගෙවිම් පිළිබද සියලු තිරණ අවලංගුවිගොස් ඇති බවද විගණනයට සඳහන් කොට ඇත. 2019 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.