අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිය පදවිය කෙළෙසූ සල්ලාල මහල්ලා අවුරුදු 15ක් බරපතල වැඩ ඇතිව මහ උළු ගෙදරට… 

අවුරුදු 59 දී බාලවයස්කාර දියණිය අඹුකමට අරන්… අවුරුදු 11කට පසු දණ්ඩනය ලැබෙන විට වයස අවුරුදු 70යි…

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වසර 11කට පෙර සිය බාලවයස්කාර දියණියව බියගන්වා බළහත්කාරයෙන් අඹුකමට ගත් පාපතර පියෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (26) සවස නියම කෙරුණි.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ කතරගම කදසුරිදුගම පදිංචි 70 හැවිරිදි තිදරු පියෙකුටය.

චුදිත පියා විසින් 2012.04.01 දින සිට බළහත්කාරයෙන් සිය දියණියව බියගන්වමින් අවස්ථා ගණනාවකදිම ඇයව අපයෝජනයට ලක්කර තිබේ. අගතියට පත් දැරිය පාසල් යමින් සිටියදි වෙනත් තරුණයෙකු හා පෙම් සබධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ සදහා චුදිත පියා හා  දැරියගේ මව තදින්ම විරුද්ධ වි ඇත.

කෙසේ නමුත් අගතියටපත් දැරිය නිවැසියන්ට හොර රහසේ මෙම පෙම් සබධතාවය පවත්වාගෙන ගොස් තිබේ.  පසුව පියාද මේ සදහා මවට හොරා මෙම පෙම් සබධතාවය පවත්වාගෙන යාමට සිය දියණියට උදව් කර තිබේ. එළෙස දියණියට වෙනත් තරුණයෙකු හා පෙම් සබධතාවයක් පවත්වාගෙන යාමට උදව් කළ පියාද බිරිය නොමැති අවස්ථාවලදි සිය දියණියව අඹුකමට ගෙන ඇත.

පියාගෙන් සිදුවන හිරි හැර දිගින් දිගටම ඉවසා සිටිමට නොහැකිව දැරිය විසින් මේ සම්බන්ධයෙන් මවට පවසා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. ඒ අනුව විමර්ශන පැවැත්වු කතරගම පොලිසිය චුදිත පියා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපති වරයා විසින් චුදිතට එරෙහිව 2015.10.05 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන ලදි. එහිදි පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිත අදාල චෝදනාවට වැරදි කරු බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් වීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා අදාල චෝදනාව සදහා චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය. ඊට අමතරව රුපියල් 10,000ක දඩයක් නියම කළ අතර චුදිත දඩ නොගෙවන්නේ නම් තවත් වසර එකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය.

ඉහත දඩුවම් වලට අමතරව අගතියටපත් දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියම කළේය.   චුදිත අදාල වන්දි මුදල නොගෙවන්නේ නම් ඉහත සියළු දඩුවම්වලට අමතරව තවත් වසර 03ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

වන්දි මුදල් නොගෙවිම මත ක්‍රියාත්මක විය යුතු සිර දඩුවම මුලික සිර දඩුවම් කාලය අවසන් වීමෙන් අනතුරුව වෙන්ව ක්‍රියාත්මක විය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියෝග කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නීතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර  පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෝමාගම පොලිසිය හරිද ? ප්‍රේම කිරීමට නීතියෙන් ඇති බාධාව කුමක් ද?…

Next Post

දයාසිරිට විනය පියවර…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.