අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෝමාගම පොලිසිය හරිද ? ප්‍රේම කිරීමට නීතියෙන් ඇති බාධාව කුමක් ද?…

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික උද්‍යානයකට කඩා වැදුණු පොලිසිය විසින් එහි සිටි තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය තුළ ඊට වැඩි අවදානයක් හිමි වී තිබේ.

‘ප්‍රේමය හා ලිංගිකත්වය යන මානුෂික හැඟීම්වලට රාජ්‍යයට මැදිහත් විය හැකි ද?’ යන්න මේ වන විට එලෙස සිදුවන මතභේදාත්මක ස්වරුපයක් ගෙන ඇති සමාජ මාධ්‍ය වාද විවාදවල ප්‍රධානත ම මාතෘකාව වී ඇත.

සියල්ල කැටි කළ අවන්ත ආටිගලගේ කාටූනය…

‘ප්‍රේම කිරීම මානව හිමිකමක්’

“ප්‍රේම කිරීම මානව හිමිකමක්. කවුරුන් හෝ විරුද්ධ වූ පමණින් හෝ පොලීසීයට පැමිණිලි ආ පමණින් අවසන් වන නීතීයක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට වයස 16ට වැඩියි නම් ලිංගික ක්‍රියා කළ හැකියි. හැබැයි එළිමහනේ ලිංගික ක්‍රියා බෑ,” මානව හිමිකම් නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන නීතිඥ ලක්ෂාන් ඩයස් බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.

“ඒ වගේම ආවරණය වුණු තැනක් කාටවත් බාධාවක් නැතුව පෙම් කරාට ලිංගික ක්‍රියා කළාට ගැටලුවක් නෑ, සිප් පහත දාගෙන හිටියා හෝ බ්ලවුස් එක මෑත් වී තීබීම පොලීසීයට අධිකරණයට කරුණු කියන්න වැදගත් වෙන්න පුළුවන්, ඒත් ඒවා නීතීයේ සීමාවන් නෙමෙයි.”

මානව හිමිකම් විෂයේ දී මෙය පුද්ගලිකත්වයේ අයිතියට අයත් වන බව පෙන්වා දුන් නීතිඥවරයා, “පොලීසීය මේ වගේ වෙලාවට තම පිහිටට ගන්නේ 1841 හදපු අයාලේ පනත. ඒක යටතේ ලිංගික ශ්‍රමිකයකුට පවා චෝදනා කරන්න බෑ කියලා අධිකරණ තීන්දු තියෙනවා. පාරේ ලිංගිකව හැසීරීම වගේ දේවල් හැර ප්‍රේම කිරීම මේ නීතියට අදාල නෑ. ප්‍රේම කිරීම වරදක් නොවේ,”යි පැවසීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම: ඔබේ අයිතිවාසිකම් දැන ගන්න

ලංකාවේ නීතිය අනුව ආලය කිරිම වරදක් නොවන බව කී නීතිඥ ලක්ෂාන් ඩයස්, ප්‍රේම කිරීමේ උපරිම හෝ අවම වයස් සීමාවක් මෙරට නීතියේ සඳහන් නොවන බව ද ප්‍රකාශ කළේ ය.

“පෙම් කරන්න වයසක් නැහැ උපරීම වයසක් හෝ අවම වයසක් නැහැ. ගැහැනු ළමයකු මල්වරවීමට පෙර පවා ඇයට පෙම් කිරීමට පුළුවන්. පෙම් කිරීම වරදක් නොවේ, ලියුම් ලිවීම වරදක් නොවේ, දුරකතනයෙන් කතා කිරීම වරදක් නොවේ, වීඩියෝ කෝල් කිරීම වරදක් නොවේ.”

ප්‍රසිද්ධ ස්ථානයක වුව ද පෙම් කිරිමට බාධාවක් නැති බව පවසන නීතිඥවරයා එම ස්ථානයක ලිංගිකව හැසිරිම පමණක් වරදක්යැ යි කියා සිටියේ ය.

මෙරට නීතිය අනුව සමලිංගික ප්‍රේමයට පවා බාධාවක් නැති බව නීතිඥ ඩයස් නීතියේ උදාහරණ සහිතව පෙන්වා දුන්නේ ය.

“ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ සහ ආ වගන්ති බලපාන්නේ ලිංගිකත්වයට විතරයි. ලිංගික නොවන ආදරයකට එය කොහෙත්ම බලපාන්නේ නෑ. ලිංගිකත්වය පවා පොලීසීය ඔප්පු කරන්න වෙනවා, ඒක අමාරු යි.”

“ඒ නිසා සමලිංගික පිරිමි යුවලකට ගෝල්ෆේස් එකේ අත් අල්ලන් යන්න පුළුවන්, කරට අත දාගෙන ඉන්න පුළුවන්, ඉතා සමීපව ඉන්නත් පුළුවන්, ඒත් ලිංගික ක්‍රියා බෑ. ගැහැනු දෙදෙනෙකුටත් එහෙමයි,” හෙතෙම පැහැදිලි කළේ ය.

පොලිසිය කඩා පැනීම ශිෂ්ට සම්පන්න ද ?

රට තුළ පවතින වත්මන් ආර්ථික අපහසුතාවන් හමුවේ පෙමක් නඩත්තු කිරිම අභියෝගත්මක වී ඇති පසුබිමක රාජ්‍යය විසින් වාරණ යොදා ඔවුන් පීඩනයකට ලක් කිරිම තුළින් තරුණ පරපුර ඉච්ඡාභංගත්වයට පත් විය හැකි බවත්  ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යාම මානව නිදහසේ වැදගත් අංගයක් බවත් කොළඹ විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය ප්‍රේමකුමාර් ද සිල්වා කියයි.

“ප්‍රේමය විඳින්න අවස්ථාවක් තියෙන්න ඕනා යම් ආකාරයක සංස්කෘතික සීමාවන් උල්ලංඝනය නොකර. ඒ අවකාශය ආරක්ෂා කරන එක වැදගත් දෙයක්. ඒක මානව ශිෂ්ඨාචාරයේ ඉඳලාම තිබුණ දෙයක්. වඩාත් දියුණු සමාජවල. නූතන සමාජවල මේ තත්ත්වය හොඳින් තේරුම් අරගෙන වැඩ කළ යුතු යි.”

ප්‍රේමයට හා ලිංගිකත්වයකට රාජ්‍යය විසින් බාධා පැමිණවීම සමාජය පුපුරා යාමකට අත වැනීමක් විය හැකි බවට ද මහාචාර්යවරයා අනතුරු ඇඟවීය.

“ප්‍රේමයක් කියන්නේ තමන්ගේ නිදහස එක්තරා විදියකට ප්‍රකාශ කරන තත්ත්වයක්. ඉතින් ඒ වගේ දේක දී වෙනත් විදියකට ඒක පුපුරා යන්න පුළුවන්. සමහර විට තරුණයෝ ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්න පුළුවන්, මොකද ඒ අයට කිසිම අවකාශයක් නැහැ ඔවුන්ගේ තරුණ ජීවිතය ගත කරන්න. නිදහස කියන එක නැති වුණොත් මං හිතන්නේ තරුණයන් තුළ ඉච්ඡාභංගත්වයකට පත් වෙන්න පුළුවන්. ඒවා තුළ බොහෝම ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට යොමුවීමට විභවයක් තියෙනවා.”

පෙම්වතුන් සතුටු සාමිච්චියේ යෙදන අවස්ථාවකට පොලිසිය කඩා පැනීම ශිෂ්ට සම්පන්න සමාජයකට පිළිගත නොහැකි කරුණක් බව හා තරුණ තරුණියන්ට ආදරයට කිරිමට විශේෂ ස්ථාන නොමැතිවීම ද සැලකිල්ලට ගත යුතු කරුණක් බව මහාචාර්යවරයාගේ අදහස යි.

‘ආලය කිරීම මානව අවශ්‍යතාවක් බව රාජ්‍ය පිළිගත යුතු’යැ යි පෙන්වාදුන් සමාජ විද්‍යාඥ මහාචාර්ය ද සිල්වා, එය පීඩාවට ලක් කිරීම හෝ ප්‍රේමය කියා දෙයක් නොමැති බව රාජ්‍යය විසින් කියාපෑමට උත්සාහ දැරීම ඥානාන්විත ක්‍රියාවක් නොවන බව ද අවධාරණය කළේ ය.

හෝමාගම පොලිසිය විසින් පෙම්වතුන් සිටි ස්ථානයකට කඩා වැදී ඔවුන්ට බාධා කිරීම සමාජ මාධ්‍ය තුළ උණුසුම් වාද විවාදවලින් නොනැවතී උපහාසයට ද ලක්වන ආකාරය මේ දිනවල දී දැකගත හැකි ය.

එවැනි උපහාසත්මක උච්චතම අවස්ථාවක් ලෙස, දැන් ප්‍රේම කිරීමට නම් පෝරම පුරවා පොලිසියෙන් අවසර ගත යුතුයැ යි උපහාසාත්මක පෝස්ටු ගණනාවක්ම සමාජ ජාලාවල හුවමාරු වනු දැකගත හැකි විය.

එසේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඉල්ලුම් පත්‍ර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, පෙම් කිරිමට පොලිසියෙන් අවසර ගැනීම අවශ්‍ය නැතිබවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව එම අයදුම්පත් ගැන විමසූ මාධ්‍ය වෙත කියා තිබුණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram
සිදධිය උපහාසයට නන්වා සමාජ මාධ්‍යයේ පල කර පෝරමය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ ආදායම් හිඟය පිළිබඳ IMF කණස්සල්ලෙන්…

Next Post

පිය පදවිය කෙළෙසූ සල්ලාල මහල්ලා අවුරුදු 15ක් බරපතල වැඩ ඇතිව මහ උළු ගෙදරට… 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.