ලලිත් චාමින්ද –
සංචාරක සමය ආරම්භවිමත් සමග උණවටුණ සංචාරක කලාපය සදහා දෙස් විදෙස් සංචාරකයින් පැමිණෙමින් සිටින බව උණවටුණ සංචාරක කලාපයේ සුළු හා මධ්‍යපරිමාන හෝටල් හිමියෝ පවසති.
උණවටුණ සංචාරක කලාපයට පැමිණෙන විදේශිය සංචාරකයින් අතර සියයට අසුවක් පමණ රුසියානු හා යුක්රේන් ජාතික විදේශිය සංචාරකයින් බව උණවටුණ සංචාරක කලාපයේ සුළු හා මධ්‍ය පරිමාණ හෝටල්හිමියන්ගේ සංගමයේ සභාපති රුපසේන කොස්වත්ත පවසයි.
යුරෝපිය රටවල විදේශිය සංචාරකයින් සුළු වශයෙන් පැමිණෙන බවත් ලබන වර්ෂයේ පෙබරවාරි දක්වා තම හෝටලයේ කාමර විදේශිය සංචාරකයින් විසින් වෙන්කරගෙන ඇති බවත් රුපසේන කොස්වත්ත කියයි.
උණවටුණ සංචාරක කලාපය සදහා දෙස් විදෙස් සංචාරකයින් පැමිණිමත් සමග හෝටල් හිමියන්ගේ අතමිට සරුවි ඇත. මේ වනවිට උණවටුණ සංචාරක කලාපයේ හෝටල් අවන්හල් විවෘතකොට ඇත.







