අනුරාධපුර – පර්සි කුරුනේරු –
මැදව්ච්චිය කටුවෙල ප්රදේශයේ නිවසක් ඊයේ (13) රාත්රී වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කදවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් විදේශීය රටක නිෂ්පාදිත එම්.75 වර්ගයේ ජීව අත්බෝම්බයක් හෙරොයින් ග්රෑම් එකයි මිලි ග්රෑම් දෙසිය අනූවක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.
රාජ්ය බුද්ධි අංශයේ අනුරාධපුර දිස්ත්රික් කාර්යාලයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී ප්රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.එස්.බුලත්සිංහලට ලද තොරතුරක් මත එම කදවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්.දයාරත්න ඇතුලු අනුරාධපුර රාජ්ය බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්රී 7.40 ට පමණ මෙම වැටලීම සිදු කොට ඇත.
විසි අට හැවිරිදි සැකකරු සමග අත් අඩංගුවට ගත් අත්බෝම්බය සහ මත්කුඩු වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මැදව්ච්චිය පොලීසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර්.දයාරත්නගේ මෙහෙයවීමෙන් සැරයන් දොඩම්වල (60361) කොස්තාපල්වරුන්වන හිදගොඩ (26256),ජයවර්ධන (31532)බාලසුරිය (101021) සහ කුමාර (4169) යන නිලධාරින් මෙම වැටලීම සිදු කළහ.