සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටකෝට්ටේ ලංකාරමයෙන් අතුරුදහන් වූ කෝටි හතර හමාරක් වටිනා ප්‍රතිමාව අවුරුදු 13කට පසු රැස්වෙහෙර පන්සලෙන් හමුවෙයි!

by editor
අගෝස්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පිටකෝටේටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයෙන් අවුරුදු 13කට පෙර අතුරුදහන් වූ කෝටි හතර හමාරකට වැඩි වටිනාකමක් සහිත, කිලෝ 45ක් බර පෞරාණික ප්‍රතිමාවහන්සේ නමක් ප්‍රකට  රැස්වෙහෙර විහාරස්ථානයේ තිබී සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශකයින්ට හැකි වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ලංකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ආචාර්ය හුණුපලගම වජිර හිමියන් වර්ෂ 2010. 01.20 දින පොලිසියට පැමිණිල්ලක් කළහ.

එම පැමිණිල්ලේ කියැවුනේ තමන්වහන්සේ වැඩ වාසය කරන පන්සලේ වැඩසිටි කෝටි හතර හමාරකට වඩා වඩටිනාකමක් සහිත පෞරාණික ප්‍රතිමවහන්සේ නමක් අතුරුදහන් වී ඇති බවය. ප්‍රතිමාවේ බර කිලෝ හතලිස් පහක් ඉක්ම වූ බවද උන්වහන්සේ පැමිණිලි කළහ.

එම පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණි. එහෙත් නිශ්ඡිතව ප්‍රතිමාව ගැන තොරතුරක් ලැබී තිබුණේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර ලැබුණු තොරතුරකට අනුව පසුගිය දා මෙම ප්‍රතිමාවහන්සේ මීගලෑව පොලිස් වසමට අයත් ප්‍රකට රැස් වෙහෙර විහාරස්ථානයෙන් සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී විමර්ශන අංශ වෙත ප්‍රකාශයක් කරමින් රැස්වෙහෙර විහාරාධිපති කලංකුච්චියේ රාහුල හිමියන් පවසා ඇත්තේ එම ප්‍රතිමාවහන්සේ ආරක්ෂාව සඳහා තමන් භාරයේ තියා ගත් බවය.

ප්‍රතිමාව තමන්ට ලබා දුන්නේ මහනුවර අස්ගිරිය වැල්ලව විහාරස්ථානයේ වැඩවාසය කළ ස්වාමීන්වහන්සේ නමක් බවත් උන්වහන්සේ විහාරස්ථානයෙන් පිටවී යන විට මෙම ප්‍රතිමාව තමන්ට ආරක්ෂා කිරීම සඳහා ලබා දුන් බවත්ය.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් සිසුන් දෙදෙනෙක් පාසල් සිසුවියක අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කරලා… සිසුන් දෙදෙනා අත් අඩංගුවට…

Next Post

තරු හෝටල් කාමරයට ඇතුළු වී විදේශීය යුවලකගේ මිලියන ගණනක වත්කම් හොරා කාලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.