පුත්තලම සමගිපුර ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් විසින් බලහත්කාරයෙන් සමූහ දූෂණයට ලක් කිරීමේ ඛේදවාචකයක් බඳු අපරාධයක් වනාතවිලුල්ව පොලිසිය වාර්තා කරයි.
මෙම දැරිය බලහත්කාර සමූහ දූෂණයට ලක් කළ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ වයස අවුරුදු 13කි. අනෙක් සිසුවා අවුරුදු 18කි.
අපරාධය සිදුකළ සිසුන් දෙදෙනා වනාතවිල්ලුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් සංඛ්‍යා දත්ත අනුව මේ වනවිට දින පතා වාර්තාවන ස්ත්‍රී දූෂණ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවත්, දිනකට ස්ත්‍රී දූෂණ සිද්ධි 8-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වෙමින් ඇති බවත් පෙනී ගොස් ඇත.
මෑතක සිට පියා අතින් සිය දියණිවරු දූෂණය වීමේ සිද්ධිවල කැපී පෙනෙන ඉහළ යෑමක් ඇති බව ද පොලිස් විමර්ශන අශ නිරීක්ෂණය කර ඇත.