ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීම තවත් මාස 06කින් දීර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
අදාළ අත්හිටුවීම 2024 පෙබරවාරි 15 දින සිට තවත් මාස 06කට දීර්ඝ කර ඇති බව පෑන් ඒෂියා බැංකුවේ සමාගම් ලේකම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (15) දැනුම් දී ඇත.
ප්‍රාථමික අලෙවිකරුවක් ලෙස කටයුතු කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව වෙත ලබා දී තිබූ බලපත්‍රය අත්හිටුවීමට 2017 අගෝස්තු 15 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කරන ලදී. මෙම ව්‍යාපාර අත්හිටුවීම වරින් වර දීර්ඝ කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ලැබීය.
කෙසේවෙතත් මෙම බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු සඳහා සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා බලපෑමක් සිදුනොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දී ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.







