සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර අනතුර ගැන තමා දැනුවත්ව නොසිටි බව කොමිසම ම කිව්ව නම් තමයි හොඳ!

හිටපු අගමැති රනිල් ඉන්දීය රූපවාහිනියකට කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර සිදුවුණු අනතුරු ඇඟවීම් පිළිබඳව තමා දැනුවත් කොට නොතිබූ බව ජනාධිපති කොමිෂන් වාර්තාව තුළ සඳහන් කළ යුතුව තිබූ බවත් එවැන්නක් සිදුව නැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයයි.

ඉන්දියාවේ වියොන් (WION) මාධ්‍ය ආයතනය සමඟ අන්තර්ජාලය හරහා සිදු කරන ලද සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ඇමතිවරයකු මීට සම්බන්ධ නොවූ බව පෙනෙන බවත් තම කණ්ඩායම සිටියේ මේ සිද්ධි දාමයේ වගකීම් සීමාවෙන් පිටත බව කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වන බවත් සඳහන් කළේය.

එම වැඩසටහන මෙහෙයවූ පාල්කි ෂර්මා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු අගමැතිවරයා තමන් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා උනන්දුවකින් යුතුව ක්‍රියා නොකළ බව පැවසෙන චෝදනාව සම්බන්ධයෙන් විමසූ කල ඔහු පවසා සිටියේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

“මුලින්ම කියන්න ඕන මම මේ වාර්තා සම්පූර්ණයෙන් දුටුවේ නැහැ. එය තවම අපට සම්පූර්ණයෙන් ලැබුණේ නෑ. නමුත් ඔය කියන චෝදනාව වැරදියි. පැරිසියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම පොලිසියට නියෝග කළා, මේ රටේ අන්තවාදී ක්‍රියා සිදුවන්නේද යන්න පිළිබඳව විමර්ශෂණය කරන්න කියල.වෙනම ප්‍රාදේශිය අන්තවාදී විමර්ශණ ඒකක පටන් ගන්න කියල උපදෙස් දුන්නා. අලුත් ත්‍රස්ත විරෝධී පනතක් ඇති කළා. ඊළඟට නෛතික පියවර ගැනීමට කටයුතු කිරීම ගැන උපදෙස් දුන්නා. විශේෂයෙන් නිතිපතිගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියල. මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන්නා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් දේශපාලනිකව වශයෙන් වගකීම දැරීමත් අපරාධ සඳහා වගකීම දැරීමත් දෙකක්. අපට කියන්න බැහැ අප උදාසීන ආකල්පයකින් සිටියා කියල. කොහොමද එහෙම කියන්නේ. කොහොමද මේ ආකල්පය විනිශ්චය කරන්නේ?“ යයි ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ආරක්ෂක කවුසියට නොකැඳවීම පිළිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් පමණක් නොව තමන් ඉවත් කර දින 52ක් සඳහා අගමැති ලෙස පත් කර ගත් මහින්ද රාජපක්ෂ මහතාවත් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඒ කාලය තුළ කැඳවා නොමැති බවය.

2019 වසරේ ජනවාරි මාසයේ පැවති එම රැස්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වා නොමැති අකර ඉන් පසුව ඔහු පවත්වා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ මට්ටමේ රැස්වීම් පමණක් බවද පැවසීය.

කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ ඉතා බරපතල බවයි. කෙසේ වුවද තමන් මෙම වාර්තාවේ සාරාංශයක් පමණක් කියවූ බවත් සමස්ත වාර්තාව නොකියවා මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා මරණ භූමදානයට අවසර ගැසට්ටුව අද රෑට

Next Post

කොවිඩ් මරණ භූමදානයට ඉඩදෙන ගැසට් පත්‍රය මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.