කීර්ති ප්‍රනාන්දු –
පාස්කු ප්‍රහාරයට මුල් වූ පදනම් සිදුවීම් සොයාගෙන යන කණ්ඩායම් එම ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කරන විට ඔවුන් මර්ධනය කිරීමට රජය ගන්නා කවර හෝ උත්සාහයක් දැඩි අප්‍රසාදයකින් යුතුව බැහැර කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ලංකසරට පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ සිරිල් ගාමිණී පියතුමා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ප්‍රකාශයක් ලබා ගන්නට කටයුතු කරන ආකාරය සම්බන්ධව රජයේ අමාත්‍යවරියක් ලෙස ඇය දරන අදහස කුමක්දැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමිනි.
“ඇත්තටම මේ සිදුවීම් පෙළ සම්බන්ධව මගේ කිසිම ප්‍රසාදයක් නෑ. ඔවුන් විමසන්නේ කවුද මේ ප්‍රහාරයට වගකිවයුතු මහමොළකරුවො කියලයි. ඔවුන් ඉල්ලන්නෙ රට තුළ විවෘත කථිකාවක්. පුළුල් සංවාදයක්. එය දැනගැනීමේ අයිතිය කතෝලික ප්‍රජාවට විතරක් නෙමෙයි, මේ රටේ සෑම පුරවැසියෙකුටම තියනවා. ඔවුන් හඬනගන්නෙ ඒ වෙනුවෙන්. ඒ පිළිබඳව හඬ නගන අයට රජය විවිධ චෝදනා ගොනු කරලා අපහසුතාවයට පත් කිරීම විශාල ගැටලුවක්. ඊට එකඟ වෙන්න බෑ.“ අමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.
කතෝලික මන්ත්‍රීවරුන් ලෙස ඇති වී තිබෙන තත්වය සම්බන්ධව රජයට ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව හඬක් නගන්නට කතෝලික මන්ත්‍රීවරුන් සියල්ලම එක් නොවීම ගැටලුවක් බවත් ඇය පෙන්වා දුන්නාය.
.
ගෝටාභය රාජපක්ෂ ජනාධිපති තුමෙනි, “වැඩ කරන අපේ විරුවා” කියලා මේ රටේ ජනතාව ඔබව පත්කලා. රට තුල යම් ජනකොට්ටාශයක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූවා. හෙට දිනක තවත් ජන කොට්ටාශයකට එසේම විය හැකියි. සාධාරණය ඉටු කිරීම ඔබගේ වගකීමයි. ඉක්මනින් එසේ කිරීම ඔබගේ යුතුකම සහ වගකීමයි.
“අනේ දුෂ්ටයන්ගේ දුෂ්ටකම කෙළවර වේවා, නුමුත් ධර්මිෂ්ඨයා ස්ථිරකළ මැනව. මක්නිසාද ධර්මිෂ්ඨවූ දෙවියන්වහන්සේ සිත් හා අදහස් පරීක්ෂාකරනසේක.” – (ගීතාවලිය 7:9 [CBS-OV-1938])