බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශනයේ හිරවුන තැන ගැන ජනපති රටට හෙළි කරයි…

by editor
ජූලි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකළ යුතුව ඇත්තේ රජය විසින් රජයේ ඇතුළාන්තය පිළිබඳව කරන දුෂ්කර විමර්ශනයක් බවත් කාලයේ වැලිතලාවෙන් යටපත්වීමට ඉඩ නොතබා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක යලිත් වරක් සහතික වුනේය.

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් කොළඹ අගරදගුරු පදවිය විසින් ඊයේ (07) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ සංවිධානය කරන ලද උපහාර උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයා මෙසේ කීවේය. ” උන් වහන්සේ ඉතාම කැකෑරෙන වේදනාවකින් ඉන්න බව මා දන්නවා… පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම පිළිබඳ කැකෑරෙන වේදනාවකින් උන්වහන්සේ ඉන්න බව මා දන්නවා. මේ සියල්ල කතා බහ කරන අතර උන්වහන්සේ මේ වින්දියන්ට ඉටු විය යුතු සාධාරණය ගැන අපෙන් විමසනවා. විටෙක සාමකාමීව… විටෙක අපැහැදිලිතාවයෙන් යුතුව… විටෙක බලපෑම් සහගතව… මා අවංකව කියන්නේ… විමසනවා. ඒ තුළ තියෙන්නේ අන් කවරක්වත් නොවෙයි… පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණ ඉටු කරගැනීමේ උවමනාව.”

” මා ඒ පිලිබඳව කාලයේ වැලිතලාවෙන් යට වෙන්න ඉඩ නොදී සාධාරණය ඉටු කරගැනීම සඳහා ගත හැකි හැම වෙහෙසක්ම ගන්නා බව උන්වහන්සේ ඉදිරිපිට මා මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

” මා දන්නවා මේක අභියෝගාත්මක කරුණක්. සමහරවිට රජය රජයෙන් පරිබාහිර පාර්ශවයන් පිළිබඳ විමර්ශනය කරනවා. එය කළ හැකියි. නමුත් රජය රජය තුළම කරන විමර්ශනය මොනතරම් දුෂ්කර ද කියලා අප තේරුම් ගත යුතුයි. රජය විසින් රජය පරීක්ෂාවට භාජනය කළ යුතුව තිබෙනවා. කොතන ද අපි හිරවෙලා තියෙන්නේ. ”

” දුෂ්කරයි… ඒත් සාධාරණය ඉටු කළ යුතුයි. බොහෝ පරීක්ෂණ අපේ රටේ දියත් වෙලා තියනවා රජය විසින් බාහිර පාර්ශවයන් කෙරෙහි කරන විමර්ශන. අද අපට විමර්ශනයක් තියනවා රජය විසින් රජයේ ඇතුලාන්තය කෙරෙි කරන විමර්ශනය. තේරුම් ගන්න. රජය රජයත් එක්ක ගැටීමකට රජය රජය තුළ විමර්ශනයක් දියත් කිරීමේ අභියෝගය අපට තියනවා.”

” කළ යුතුයි. අප එය කරනවා..”

ජනාධිපතිවරයා එම උළෙල අමතමින් ප්‍රකාශ කළේ පිරිහී ගිය සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් බවය.

සමාජයේ යහපැවැත්ම සහ අධ්‍යාත්මය ගොඩනැඟීමට වෙහෙසකර ව්‍යායාමයක නිරත වන උන්වහන්සේ, විශාල මෙහෙයක් ඉටු කරන රාජ්‍යතාන්ත්‍රිකයකු, බයිබලය ඉතා හොඳින් විවරණය කරමින් කරුණු ඉදිරිපත් කළ හැකි ධර්ම ගවේෂකයකු, සමාජය අවදි කළ හැකි ශක්තිමත් පෞරුෂයක් හිමි ගෞරවනීය කථිකයකු වන අතරම, එම භූමිකාවලින්ද ඔබ්බට ගිය සැබෑ මානව හිතවාදියකුද වන බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා පැවසුවේ සංකීර්ණ අවස්ථාවලදී උන්වහන්සේ ගේ නීවී යන ගුණය අතිශය දුර්ලභ මානව ගුණයක් බවත් පාස්කු ප්‍රහාරය අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකට කළ ඒ උතුම් ගුණය නොවන්නට මේ සමාජය මහා ව්‍යසනයකට පත් වන බවත්ය. එවැනි ව්‍යසනයක් වැලැක්වූ කාදිනල් හිමිපාණන් වහන්සේට මේ සමාජයම ණයගැති බව ජනාධිපතිවරයා කීවේය.

පහත දැක්වෙන්නේ ජනාධිපතිවරයා එම අවස්ථාවේ කළ කථාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

BRICS ලෝක නායකයින් ට්‍රම්ප්ගේ වියරුවට දෙන්න යන උත්තරය!

Next Post

අවුරුදු 05කට පසු පොලිසියේ පහළ ශ්‍රේණිවලට උසස්වීම්… ඉදිරි මාස තුන තුළ සැරයන් තනතුරු 5000ක් සහ පරීක්ෂක ශ්‍රේණිවල තනතුරු 1500ක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.